japan-kogo-accident-two-sri-lankans-died

ජපානයේ සිදුවූ රිය අනතුරකින් එරට නැවතී සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොගා නගරයෙහි හොන්මාචි මංසන්ධියේදී සිදුවූ කාර් දෙකක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් එක් රථයක පැමිණි මොවුන් දෙන්නා බරපතල තුවාල ලබා රෝහල් ගත කරන විට එක් අයෙකු අනතුර සිදුවූ 13 වනදාත් අනෙක් අය ඊට දින 2 කට පසු 15 වනදාත් ජීවිතක්ෂයට පත්විය.
ජපානයේ ශිමත්සුමා ප්‍රදේශයේ පදිංචිව සිටි මිතුරන් දෙදෙනා වාහනයෙන් ගමන් කරමින් අතුරු මාර්ගයේ සිට හොන්මාචි මංසන්ධියේ ප්‍රධාන මාර්ගයට වේගයෙන් පදවද්දී අනෙක් පසින් පැමිණි ජපන් ජාතික රියදුරා ධාවනය කළ රථයේ ගැටිණි. එම රථයට අලාභ සිදුවූවද පැදවූ ජපන් ජාතිකයාට හානියක් නොවීය.

මෙම මාරක අනතුරින් මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි නිසල් චාරුක විදානගමගේ  සහ හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි රජිත ලක්මාල් සඳරුවන්  යන තරුණයන් දෙදෙනාය.

මෙම ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනාගේ දේහයන් මෙරටට එවීමට එරට සිටින ඔහුගේ ශ්‍රී ලාංකික මිතුරන් ආධාර මුදල් එකතු කරන්නට සිදුව තිබුණි
සිද්ධිය අවස්ථාවේ සීසීටීවී දර්ශන එරට සමාජ මාධ්‍ය තුළද පළවී තිබූ අතර එම උපුටනයක් පහතින්