japan-kogo-accident-two-sri-lankans-died
ජපානයේ කොගෂි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මියගිය රජිත ලක්මාල් සදරුවන් සහ නිසල් චාරුක විදානගමගේ යන දෙදෙනාගේ දේහයන් සම්බන්ධ පාන්සකූල කටයුතු ටැගොමාරු හි ශ්‍රී සම්බුද්දාලෝක විහාරයේදී සිදු කෙරිණි.

රථ පෙරහරකින් රැගෙන විත් 19 ඉරුදින ශ්‍රි සම්බුද්ධාලෝක විහාරස්ථ ධර්ම ශාලාවේ තැන්පත් කර තිබූ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා අඟහරුවාදා  උදෑසන 6.00 දක්වා අවස්ථාව සලසා තිබුණි.
එරට නැවතී සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුනේ
කොගෂි නගරයෙහි හොන්මාචි මංසන්ධියේදී සිදුවූ කාර් දෙකක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකිනි.
 එක් රථයක පැමිණි මොවුන් දෙන්නා බරපතල තුවාල ලබා රෝහල් ගත කරන විට එක් අයෙකු අනතුර සිදුවූ 13 වනදාත් අනෙක් අය ඊට දින 2 කට පසු 15 වනදාත් ජීවිතක්ෂයට පත්විය.



ජපානයේ ශිමත්සුමා ප්‍රදේශයේ පදිංචිව සිටි මිතුරන් දෙදෙනා වාහනයෙන් ගමන් කරමින් අතුරු මාර්ගයේ සිට හොන්මාචි මංසන්ධියේ ප්‍රධාන මාර්ගයට වේගයෙන් පදවද්දී අනෙක් පසින් පැමිණි ජපන් ජාතික රියදුරා ධාවනය කළ රථයේ ගැටි එම රථයට අලාභ සිදුවූවද පැදවූ ජපන් ජාතිකයාට හානියක් නොවීය.

මෙම මාරක අනතුරින් මියගොස් තිබුනේ මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි නිසල් චාරුක විදානගමගේ  සහ හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි රජිත ලක්මාල් සඳරුවන්  යන තරුණයන් දෙදෙනාය.

මෙම ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනාගේ දේහයන් මෙරටට එවීමට එරට සිටින ඔහුගේ ශ්‍රී ලාංකික මිතුරන් ආධාර මුදල් එකතු කරන්නටද යොමුවී තිබුණ අතර දෙදෙනාගේ දේහයන් ආචාර්ය පූජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රථ පෙරහරකින්  රැගෙන විත් 19 ඉරුදින ශ්‍රි සම්බුද්ධාලෝක විහාරස්ථ ධර්ම ශාලාවේ තැන්පත් කර තිබූ අතර පාන්සකූල කටයුතු සිදු කර අවසන් ගෞරව දැක්වීම සඳහා 21 වන අඟහරුවාදා  උදෑසන 6.00 දක්වා අවස්ථාව සලසා තිබුණි.