johnston-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා තිස්සමහාරාමයේ පැවැති දේශපාලන රැස්වීමකට සහභාගී වී මෙසේ පැවසුවේය.



"මේ රට මේ තත්වෙට ඇද වැටෙන්නෙ නෑ එදා සිරිසේන වෙනුවට මහින්ද මහත්තයා දිනුවනම්. එහෙම වුණානම් මේ රට අද දියුණු වෙලා ඉවරයි. රාජපක්ෂලට ගෙදර යන්න කියපු අය රාජපක්ෂලට ආපහු ඇවිල්ල ගෙදර යන්න කිව්වා.



ඒ කාලේ තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි යුද්ධේ. මහින්ද මහත්තයා ගහනවා කිව්වා ගැහුවා. අනුර දිසානායකලා කිව්වේ මොකක්ද? යුද්ධෙන් වවාගෙන කනවා කියලා. අනුරල මොනවද කිව්වේ? අධිවේගී මාර්ග හැදුවේ රාජපක්ෂලට ඇඹුල් තියල් ගෙනියන්නලු. රාජපක්ෂලට ඇඹුල් තියල් හදන්න කියපු අධිවේගී මාර්ගෙ තමයි ඔවුන් ඇවිල්ලා රාජපක්ෂලට බැනලා යන්නේ. එදා ගෝල්ෆෙස් එකෙදි අනුර දිසානායක කියනවා 'බලා ගමු ලෑස්ති වෙන්න එකතු වෙන්න' ඒ ප්‍රජාත්‍රන්තවාදෙද?

අර තරුණයා ඊයේ පෙරේදා ආයෙ අහුවුණා නේද? දැන් ඒ ළමයා ගියා හිරේට. ඒත් මං දැක්කේ නෑ ලාල් කාන්තලත් සුනිල් හඳුන්නෙත්තිවත් තාම ගෙනිහිල්ලා කට උත්තරයක් දෙනවා. ඔය හොඳම ඩීල් කාරයා තමයි අනුර දිසානායක. අනුරගෙන් අපි අහනවා කොහොමද ලාල් කාන්තයි සුනිල් හඳුන්නෙත්තියි බේරුණෙ? වසන්ත විතරක් හිරේ ගියේ කොහොමද? තරුණයෙක් ෆේස්බුක් එකේ ගහලා තියෙනවා යකෝ මූ හිරේ යන්න ඉස්සෙල්ල හිටියේ කෙට්ටුවට මූ හිරේ ගිහින් ආවයින් පස්සේ හොදට මහත් වෙලා චීන ඌරෙක් වගේ' කියලා.



සමහරු හිතාගෙන හිටියා පොහොට්ටුව වැළලුණා කියලා. පොහොට්ටුව එහෙම වැළලන්න හම්බුවෙන්නේ නෑ. අනුර කුමාරගේ චණ්ඩි කතාවලට පොහොට්ටුව වළලන්න හම්බුවෙන්නෙ නෑ.
අපේ ගෙවල් ගිනි තිබ්බට. අපිව මරන්න හැදුවට අපි කියනවා අනුර දිසානායකට අපි ඒවට බය වෙලා ඔළුව නමන මිනිස්සු නෙමෙයි කියන එක."