joseph-stalin-speaks

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය.

"දිගටම විභාග ප්‍රශ්න කල් යාමක් තමයි තියෙන්නෙ. මේ කල් යාමේ හේතුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තුමේන්තුව මොකුත් කතා කරන්නෙ නෑ,. ඇගයීම් ක්‍රියාවලියට අවශ්‍ය පිරිසෙන් ප්‍රමාණවත් පිරිසක් අයදුම් කරලා නෑ ගුරුවරු. මේ ඇගයීම් ක්‍රියවලියට දෙන මුදල ප්‍රමාණවත් නෑ. ගාස්තු වැඩි කරනවයි කියලා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත  කැබිනට් පත්‍රිකාවකුත් දාලා තියෙන්නෙ. මේක අනුමත වුණාට ගෙවලා නෑ.  

රනිල් වික්‍රමසිංහ අපි දැක්කා තමන්ගේ ආශාවන් තමයි සංතර්පණය කරන්නෙ. ඒවට මහජන මුදල් ප්‍රශ්නයක් නෑ. විභාගේ ඉවර වෙන දවසේ තමයි විදුලි බිල වැඩි කලේ. වැඩි කරලා කිව්වා අපි විදුලිය දෙනවා කියලා අඛණ්ඩව. විදුලිය ළමයිට දෙන්න පුළුවන්කම තිබියදී තමයි දුන්නෙ නැත්තේ.

තුන්වන පාසල් වාරය ආරම්භ වුණා, අඩුගානේ සපත්තු කුට්ටමක් අරන්දෙන්න බෑ. බෑග් එකක් අරන දෙන්න බෑ. ඒ ඔක්කෝටම විසදුම් දෙනවයි කියලා ඒ දුන්නෙත් නෑ.
වහාම මේ විභාග ප්‍රතිඵල සම්බන්ධව වන අවිනිශ්චිතතාවය ඉවත් කරන්න කියලයි අපි කියන්නේ."