kanchana-qr-extended

ජාතික ඉන්ධන බලපත්‍ර QR කේත ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නැති බව
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් කියා සිටියේය.
 ඉන්ධන බලපත්‍රය අහෝසි කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් මේ වන විට නිකුත් කර ඇති කෝටාවන් ක්‍රමයෙන් වැඩි කිරීමට පමණක් ජාතික ඉන්ධන කෝටා දත්ත විශ්ලේෂණ කටයුතු කරනු ලබන බවත් ඔහු දන්වා ඇත.

ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව තීරණ ගනු ලබන බව අමාත්‍යවරයා කියා සිටියේය.