kekirawa-incident

යුද හමුදා සෙබළකු වන සිය සැමියා සහ දරු තිදෙනා එපා කියමින් තරුණ අනියම් සැමියා සමඟ ගිය කාන්තාවක පිළිබඳව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරි කාරියාලයෙන් වාර්තා වෙයි.  මොරගොඩ පොලිස්  වසමේ පදිංචි අඹුසැමි යුවළකි. සැමියා සේවය කරන්නේ යුද හමුදාවේ වන අතර අතර ඔවුනට දරුවන් තිදෙනකු ද සිටී. සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල පහසුව සහ බිරිඳගේ දෛනික කටයුතුවල පහසුව සඳහා සෙබළ සැමියා ගෙවීමේ පදනම මත ඇයට යතුරු පැදියක් ද මිලදී ගෙන ඇත. පසුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ බිරියගේ දෛනික කටයුතු වල පහසුව සඳහා සෙබළ සැමියා ඇයට ස්මාර්ට් ජංගම දුරකතනයක් ද මිලදී ගෙන දී තිබේ.



සැමියා සේවයට ගිය අතරේ එක්තරා අවස්ථාවක බිරියගේ ජංගම දුරකථනයට ලැබෙන ඇමතුමකින් ඇය ගම්පොළ ප්‍රදේශයේ තරුණයෙකු සමග හිතවත්කමක් ගොඩ නගා ගෙන පසුව එය අනියම් ප්‍රේම සම්බන්ධයක් දක්වා වර්ධනය කරගෙන ඇත. වසරක කාලයක් ඇය මෙලෙස රිසි සේ සිය අනියම් සැමියාගේ අසුරු ලබා ඇත්තේ සිය සැමියාට සහ දරුවන්ට  හොර රහසේය. එක් දිනක සේවයට ගිය සැමියා අහඹු අවස්ථාවක නිවසට පැමිණ ඇත. එහිදී ඔහුට දැක ගැනීමට හැකි වී ඇත්තේ ඇස් අදහා ගන්නටත්  නොහැකි දසුනකි.

සිය බිරිය අනියම් සැමියා සමඟ සිය නිවස තුළම පෙම් සුව විඳින අයුරුය. පසුව බිරිය හෝ අනියම් සැමියා සමග රණ්ඩුවකට නොගිය සැමියා මොරගොඩ පොලිසියට ගොස් පැමිණිල්ලක් කර තිබේ. මොරගොඩ පොලිසිය මෙම සිද්ධිය කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරි කාර්යාලයට යොමු කර තිබේ. සෙබළ සැමියාත්  බිරියත් බිරියගේ අනියම් සැමියා සහ දරුවන් ද ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතා විසින් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරි කාර්යාලයට කැඳවනු ලැබ ඇත. පරිවාස නිලධාරිවරයා පැමිණිලිකාර සෙබළ සැමියාටත් ඔහුගේ බිරියටත් බිරියගේ අනියම් සැමියාටත් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර දී ඉදිරි පවුල් ජීවිතය සහ දරුවන්ගේ ඉදිරි අනාගතය ගැන සළකා බලා එම කාරණාවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත. එම සියලු යහපත් යෝජනා ප්‍රතික්ෂේප කරන සෙබළ සැමියාගේ බිරිද පවසන්නේ තමන්ට විවාහක සෙබළ සැමියා සහ දරුවන් තිදෙනා අවශ්‍ය නැති බවයි.



තමන්ට අවශ්‍ය වන්නේ වසරක කාලයක් අනියම් ඇසුරක් පවත්වා ගෙන ගිය තරුණ අනියම් සැමියා පමණක් බවද ඇය තවදුරටත් පවසා ඇත. පසුව සෙබළ සැමියාට ඔහුගේ බිරියට  අවසන් වශයෙන් උපදෙස් ලබා දෙමින් පරිවාස නිලධාරිවරයා පවසා ඇත්තේ බිරියගේ ස්ථාවරය එය නම් තමන්ට කළ හැකි තවත් රාජකාරියක් නොමැති බවයි. එම නිසා නීතිඥවරයෙකු හමුවී අවශ්‍ය නම් අධිකරණය හමුවේ දික්කසාද නඩුවක් පවරා ගන්නා ලෙස පරිවාස නිලධාරිවරයා සෙබළ සැමියාට සහ ඔහුගේ බිරිඳට දැනුම් දී ඇති අතර ත්‍රිරෝද රථයක් ගෙන්වා ගන්නා  කාන්තාව වසර ගණනාවක් තමන් රැක බලා ගත් සෙබළ සැමියා සහ තමන්ගේ දරුවන් තිදෙනා ද අතහැර අනියම් සැමියා සමග පිටව ගොස් තිබේ. සෙබළ සැමියා ඔහුගේ පියාද සමග දරුවන් තිදෙනාද කැටුව හඬමින් පරිවාස කාර්යාලයෙන් නික්ම ගියෝය.

උපාලි ආනන්ද