kirinda-incident

එංගලන්ත  ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ජංගම දුරකතනයද අතහැර පලාගිය පුද්ගලයකු ජංගම දුරකතනයේ තිබූ ඡායාරූපයකින් හඳුනාගෙන සැකපිට අත්අඩංගුවට ගත් බව කිරින්ද පොලිසිය පවසයි. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

එම එංගලන්ත ජාතික කාන්තාව මෙරට සංචාරයක් සඳහා මවුපියන් සමග පැමිණ කිරින්ද ප්‍රදේශයේ  නිවෙසක ලැගුම්ගෙන සිට ඇත.  ඇය එම නිවෙස ඉදිරිපිටට පෙරේදා (22) මධ්‍යම රාත්‍රියේ පැමිණ සිටිය දී පුද්ගලයකු පැමිණ ඇයගේ මුහුණ බල හත්කාරයෙන් සිපගෙන ඇයට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. එම අවස්ථාවේ ඇය එම පුද්ගලයා සමග පොරබදා ඔහු මෙල්ල කර ගැනීමට උත්සාහ කර ඇති බව පොලිසිය කියයි.

ඔහු එම කාන්තාවගෙන් ගැලවී පලා  ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙම පොර බැදීමේ දී ඔහු සතුව තිබූ ජංගම දුරකතනය බිම වැටී ඇති අතර ඇය එය අහුලාගෙන පොලිසියට පැමිණ පැමිණිල්ලක් දුරකථනය ද පොලිසියට බාර දී ඇත. එම දුරකථනයේ තිබූ ඡායාරූපයකින් සැකකරු හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය