lal-kantha-speaks

ලාල් කාන්ත මහතා ජාතික ජන බල වේගය මඟින් පවත්වන ලද දේශපාලන රැළියකට සහභාගී වෙමින් මෙසේ අදහස් දැක්වීය.

"මිනී මරලා හෙළිදරව් වෙච්ච අය ලේසියෙන් යන්නෑ, තමන් පරදිනව කියලා දන්නව නම් ඡන්දෙ කල් දාන්න කටයුතු කරනවා. හොරකමට දූෂණයට මිනීමැරුමට සම්බන්ධ ජනතාවගේ ඡන්දයෙන් ආවරණය වෙලා හිටපු හැම එකාම භයයි.
ජාතික ජන බල වේගය දැන් විදෙස් රටවල් වලත් ජයග්‍රහණය කරලා ඉවරයි.

ඇත්තටම රනිලට නින්ද යන්නැද්ද? මහින්දලට? සජියට? සජිත්ගෙ මෑණියෝ රජයට පවරගෙනද ඉන්නෙ නැද්ද කියන්න? පවරගෙන ඉන්නේ. සජිත්ට අපි පොරොන්දුවක් දෙනවා ඔයාගේ මෑණියෝ රජයෙන් නිදහස් කරලා පුද්ගලික අංශෙට පවරනවා.



අන්න බඩුව මෛත්‍රියා. පැරදුනාට පස්සේ පොළොන්නරුවේ ගිහිල්ලා මොකක්ද හේනක් කුඹුරක් කරගෙන ඉන්නවා පැලකට වෙලා. පරයා. පරයා කියන්නෙ පිට එකා.
මෛත්‍රී රජයට පවරගෙනද ඉන්නෙ? ඔව්. දැන් මුං කියනවා අපි ආවම පවර ගන්නවලු. මෛත්‍රීපාලවත් අපි පුද්ගලික අංශයට දෙනවා.

අපි වෙන කාගෙවත් කිසි දෙයක් මාලිමවේ පාලනයකට පවර ගන්නෙ නැ මුං හොරා කාපුවා හැර.

මේගොල්ලන්ව රකින ඒ විශ්වාසය සහිත තව කවුරුහරි එහෙම කණ්ඩායමකට බලයට එන්න බැරිනම් ඡන්දෙ තියෙනවද? ඒත් නෑ. සජියා වටා පෙළ ගැහිලා ඉන්නෙ ඒ ටික."