lansa-ranjan

මිලියන 1000ක වන්දියක් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මන්ත්‍රීවරයා විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එරෙහිව මීගමුව දිසා අධිකරණයේ පවරා තිබූ වන්දි නඩුව ඊයේ (08දා) අතිරේක දිසාවිනිසුරු නුවන් තාරක හිතැටිගල මහතා ඉදිරියේ සමථයකට පත් විය.

2014 මාර්තු මස 26 දින මීගමුව ලෙයිටන් පාර්ක් පිටියේ පැවති එක්සත් ජාතික පක්‍ෂයේ රැස්වීමකදී රන්ජන් රාමනායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයකින් තමන්ගේ කීර්තිනාමයට සිදුවූ හානියට වන්දි ඉල්ලා මෙම නඩුව පවරා තිබිණි.  මෙම නඩුව ඊයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ සමථය සදහා කැදවූ අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ විත්තිකරුගේ වචනවල කිසිම අවස්ථාවක පැමිණිලිකරුගේ නම භාවිත කර  නොමැති බවත් නමුත් විත්තිකරුගේ වචනවලින් පැමිණිලිකරුට සිත්තැවුලක් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන බවයි.



විත්තිකරු පසුගිය කාලයේ මුහුණදුන් කරුණු සලකා බලා විවෘත අධිකරණයේ විත්තිකරු සිදු කළ කනගාටුව ප්‍රකාශ කිරීම පැමිණිලිකරු පිළිගන්නා බවත් මෙම කරුණු අනුව සමථ නඩු තීන්දුවක් ඇතුළත් කරන ලෙසත් ඒ අනුව මෙම නඩුවේ නඩුකටයුතු අවසන් කරන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින බව පැමිණිලිකාර නිමල් ලාන්සා මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥයෝ ඉල්ලීමක් කළහ. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ගංගා ලිවේරා මහත්මියගේ උපදෙස් මත ගිම්හානි ලිවේරා දිලීප බටගොඩ සුභාෂ් ගුණතිලක හිලරි ලිවේරා යන නීතිඥවරුන් සමග ජනාධිපති නීතිඥ සෞම්‍යා අමරසේකර මහත්මිය පෙනී සිටියහ. විත්තිය වෙනුවෙන් නීතිඥ වරුණ නානායක්කාර මහතා පෙනී සිටියේය.

 බර්ටි වීරසිංහ