lelum-speaks

වික්‍ටර් රත්නායකගේ පුතු ගායක ලෙලුම් රත්නායක මහතා ජනතා කලාකරුවන්ගේ එකමුතුව පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ අදහස් පළ කළේය.





"අපිට සහ අපේ දරුවන්ට ලැබෙන්න තියෙන දේවල් වහලා දානකොට රටේ ජනතාව මේ වෙලාවේ ඉතාම දැඩි තීරණයක ඉන්නවා. අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මේ වෙනස කරන්න කාලය එළඹ ඇත කියලා. මහජනතාවගෙන් ඉල්ලන දේ තමයි ඕගොල්ලන්ගෙත් දෙන්න තියෙන සහයෝගය අපිට මේ වෙලාවේ දෙන්න. අපි ඔක්කොම විඳපු දුක තමයි මේ අනිත් පැත්තට හරවගන්න හදන්නේ.

අපි මත පටවලා තියන මේ බදු බර, මේ ඇවිල්ලා යම් කිසි පිරිසක් විසින් අපිම රට හදන්න කියලා යවපු පිරිසක් විසින් හොරකම් කරපු සල්ලි ටික තමයි මේ අපෙන් ගන්නේ. ඒ ගොල්ලො තාම සැප විඳිනවා. එගොල්ලන්නට ඒ සල්ලිවල භුක්තිය එහෙම විදින්න දෙන්න බෑ. අපේ දරුවන්ට ලැබෙන්න තියන දේවල්.

මට එකම දෙයයි අහන්න තියෙන්නෙ... හොරකම් කරන්න ලැජ්ජාවක් නැති ඔබලා ඡන්දයක් පරදින්න ලැජ්ජා වෙන්න ඕනෙ නෑ නේද කියන එක."