mahinda-basil-lokuge-jonny

ඊයේ (21) අවස්ථා හතරකදී හිටපු අගමැති මහින්ද හිටපු මුදල් ඇමති බැසිල් ,ගාමිණී ලොකුගේ ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරු මැතිවරණය පවත්වනවාද නැද්ද ගැන මාධ්‍ය ඇසූ ප්‍රශ්න වලට මෙසේ පිලිතුරු සපයා තිබේ.

පාර්ලිමේන්තුව කල් තැබීමේන් පසු මාධවේදීන් යොමුකළ, ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මහින්ද රාජපක්ෂ මෙසේ කීය.

ප්‍රශ්නය - ඡන්දය කල් දාන එක ගැන. මොකක්ද ඔතුමාගේ අදහස?
පිළිතුර - ඡන්දය කල් දානවලු, කොහේද ඡන්දය කල් දාලා තියෙන්නේ?
ප්‍රශ්නය - මේ ඡන්දය කල් දැමීමට දරන උත්සාහය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?
පිළිතුර - ඡන්ද කල් දාන්න ඕන නෑ. ඡන්ද තියන්න ඕන කියලා තමයි අපි කියන්නේ,
            මැතිවරණ තියෙන්නේ තියන්න, කල් දාන්න නෙවෙයි.



හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පක්සයේ රැස්වීමක් පවත්වා වාහනයට නගින්නට සූදානම් වෙද්දී මෙසේ පැවසීය.‍

"දන්නෑ. බලන්නෙ ඒක ගැනයි. අපි සූදානම්."

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමීණී ලොකුගේ මහතා මෙසේ පැවසීය.

"මැතිවරණයක් තිබ්බාම ඕනෑම දේශපාලන පක්ෂයකට අයිතියක් තියෙනවා ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න. ඒක කල් දැම්මහමත් අයිතියක් තියෙනවා ඒකට විරුද්ධය ප්‍රකාශ කරන්න. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට ඒක කරන්න ඕන.
මේ ඡන්දෙ කල් දැම්මා මිසක් අවලංගු කරලා නෑනේ.

 ප්‍රශ්නය  - පොහොට්ටුවෙ අය අලියගෙන් ඉල්ලනව?

අපිට දිනන්න පුළුවන්. අලියගේ නායකයව අපිට ජනාධිපති කරන්න පුළුවන් නම් ඒ ගොල්ලෝ ජයග්‍රහණය කරන ඒවට අපේ නියෝජිතයෝ දාන්න බැරිද?"



ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.

"මැතිවරණ කොමිසමෙන් තමයි තීන්දු කරන්න ඕනේ ඡන්දෙ තියෙනවද නැද්ද කියලා. අපි ඡන්දෙට ලෑස්ති වෙලානේ ඉන්නේ.  හැබැයි බහුතරයක් රටේ ජනතාව කියන්නේ  මේක වෙලාව නෙමෙයි කියලා.