mayantha-dissanayake

පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සමඟි ජන බල වේගය මඟින් පවත් වන ලද මාධ්‍ය හමුවකට එක්වී මෙසේ පැවසීය.



"මම තීන්දු කරා මුදල් කාරක සභාවේ සභාපතිවරයා තනතුරින් ඉල්ලා අස් වෙන්න. මගේ ඉල්ලා අස් වීමේ ලියුම ගරු කතානායකතුමාට භාර දෙන්න කටයුතු කරනවා.

මම කවදාවත් ආණ්ඩු පක්ෂත් එක්ක ඩීල් එකක් දාලා ජනාධිපතිතුමාට කතා කරලා මේ සභාපති ධූරය ලබා ගත්තේ නැහැ.
පක්ෂය තුළ එකඟතාවයකට එන්නේ නැත්තම් මං ඕනම වෙලාවක මේ තනතුරින් ඉල්ලා අස්වෙන්න ලෑස්තියි.

මම බලපෑම් වලට යටත් වෙන කෙනෙක් නෙවෙයි. මං ගාමිණී දිසානායක හිටපු ඇමති තුමාගෙ පුතා. මම අප්පච්චිගෙ අඩි පාරෙ ගමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ.
මට විරුද්ධව කතා කරන්න ඔය ට්විටර් පණිවුඩ ගහන කට්ටියට එක දෙයයි කියන්න තියෙන්නෙ, කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය කියන එක."