namal-social-media-workshop

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ජනතාව අතරේ ගිලිහී ගොස් ඇති ස්ථානය නැවත ලබා ගැනීමට තම ප්‍රචාරක උපාය මාර්ග නවීකරණය කරමින් දිටින අතර ජනතාව වෙත ළඟා වීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටී. එවැනි එක් පියවරක් වන්නේ ජනතාව වෙත ළඟා වීමට සමාජ මාධ්‍ය උපරිම ලෙස භාවිතා කිරීම පිළිබඳ පක්ෂයේ තරුණ සාමාජිකයින් අතර ධාරිතාව වර්ධනය කිරීමයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම වැඩසටහනේ මූලිකත්වය ගෙන කටයුතු කරන බව වාර්තාවන්නේ ඔහු පැවැත්වූ වැඩමුළුවක් නිසාය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහා වැඩමුළුවක් ඉරිදා (19) පැවැත්වු අතර ඉිදරියට තවත් ඒවා පවත්වන්නට අදහස් කර තිබේ.

මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ (CMC) හිටපු මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරික සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක එරන්ද ගිනිගේ ද සහභාගී වී ඇත.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් සහ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් රැසක් මෙයට එක්වී ඇත.

“ අපි ජීවත් වන්නේ සයිබර් අවකාශයකයි. ආචාරධාර්මික සහ වගකීම් සහිත ඩිජිටල් පුරවැසිභාවය තුළින් සෑම කෙනෙකුටම ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීමේ අපගේ උත්සාහයට සම්බන්ධ වන්න.“ නාමල් මෙහිදී කියා තිබේ.