පසුගිය අඟහරුවාදා, නවසීලන්තය ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේ එරට ඉතිහාසයේ තුන්වන වතාවටය. ගේබ්‍රියෙල් සුළි කුණාටුව පෙබරවාරි 12 වන දින එරට උතුරු ප්‍රදේශයට පහර දුන් අතර නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ පුළුල් විනාශයක් සිදු කළේය.
පසු නවසීලන්තයේ අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් දහස් ගණනක් අතුරුදහන් වී ඇතැයි අල්ජසීරා ඊයේ (19) වාර්තා කර තිබේ.
අගමැති ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ ගේබ්‍රියෙල් මෙම සියවසේ සිදු වූ විශාලතම ස්වාභාවික විපත ලෙස හඳන්වා ඇත.
දැඩි බලපෑමට ලක් වූ හෝක්ස් බොක්කෙහි සුළි කුණාටු ආශ්රිත මරණ දෙකක් ඉරිදා පොලිසිය වාර්තා කළේය.
වෙලින්ටන් හි 6,400 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති නිසා තවත් මරණ වාර්තාවිය හැකි බව හිප්කින්ස් වාර්තාකරුවන්ට පැවසීය.
ජීවිත “උඩු යටිකුරු කර” ඇති අතර, සේවාවන් බිඳ වැටී, සන්නිවේදනය ඇණ හිට ඇත. හානියට පත් මාර්ග තවමත් සමහර ප්‍රදේශවලට ප්‍රවේශය සීමා කර ඇත.
සැපයුම් දාම කඩාකප්පල් වීම නිසා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී ගැටළු ඇති කර තිබේ.
භෝග විනාශ වී ඇති අතර නිවාස 28,000 කට තවමත් විදුලිය නොමැති බව හිප්කින්ස් පැවසීය.
මුලදී එක්සත් ජනපදයෙන් සහ වෙනත් රටවලින් උපකාර පිරිනැමීම් ප්‍රතික්ෂේප කළ නමුත් හිප්කින්ස් පසුව නවසීලන්තය දැන් ඒවා පිළිගන්නා බව දන්වා සිටියේය.ජාත්‍යන්තර ආධාර කන්ඩායම් 12 ක් මේ වනවිටත් ළඟාවෙමින් සිටී.
0 Comments