nilmini-speaks

පසුගිය සතිඅන්තයේ පුවත් පතකට ප්‍රවීණ නිළි නිල්මිණි තෙන්නකෝන් ලබාදී තිබූ අදහසක් පහතින්



• අද ස්වේතා ඔබ ළඟින්ම හිටියත් ඇය විදෙස්ගත වන බවයි ආරංචිය?
ඔව්.. ඉදිරියේදි එහෙම වෙයි. ඒ ගැන දැන්ම හරියටම කියන්න බැහැ. දුව වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වේවි. ස්වේතා නැතිව මට ලොකු පාළුවක් දැනේවි. මගේ හැම දේටම ළඟින් හිටියේ, අදටත් ළඟින් ඉන්නෙ ඇයයි. මොනවා කරන්නද? එයාගේ සතුට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් මට එය දරාගන්න සිදුවේවි.



• ස්වේතා එක්ක නිල්මිණිත් විදෙස්ගත වෙයිද?
නැහැ.. දුව කියන්නෙත් මට එයත් එක්ක යමු කියලයි. නමුත් මට හැමදාම රට ගිහින් ඉන්න බැරි වෙයි. අපිට කැමරාව නැතිව ඉන්න
අමාරුයි. කුඩු ගහන මනුස්සයෙක්ට කුඩු නැතිව ඉන්න බැහැනෙ. ඇඟ වෙව්ලනවා. ඒ වගේ අපිටත් දැන් කැමරාව නැතිව ඉන්න බැහැ. හැබැයි අපි මහන්සියෙන් තමයි සල්ලි හම්බ කරන්නෙ. අද වෙද්දි බොහෝ දෙනෙක් විදෙස්ගත වෙලා ඉන්නවා. තවත් සමහරු යන්න සූදානමින් ඉන්නවා. තවත් බොහෝ පිරිසක් යන්න කැමැත්තෙන් ඉන්නවා. අපි අපේ නම හදාගත්තෙ මේ රටේ ඉඳලයි. මේ රටේ ඉන්න පිරිසකගේ නරක ප්‍රතිපත්ති නිසා අද මිනිසුන්ට මේ රටේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක්
උදාවෙලා. ඇත්තටම මේ රටේ ජීවත් වන මිනිස්සු පව්. මම මගේ රටට ආදරෙයි. ඒ නිසා මට විදෙස්ගත වෙන්න හිතෙන එකක් නැහැ. හැබැයි ස්වේතා ගියාට පස්සෙ ගිහින් එන්න යාවි.

(සටහන - දිශානි ජයමාලි - ඡායාරූප - උදේනි අල්විස්)