ජාතික ජන බලවේගයේ විරෝධතාවය අතරතුර මියගිය නිවිතිගල ප්‍රදේශයේ එම පක්ෂයේ මැතිවරණ අපේක්ෂක 61 හැවිරිදි නිමල් අමරසිරි රෝගාතුරව ඇදවැටෙන අවස්ථාවේ ඔහු ළඟින් සිටි මිතුරා ඔහුට අසනීප තත්වය මතුවූ ආකාරය ගැන මාධය වෙත ප්‍රකාශයක් ලබාදී තිබේ.
ඔහු මෙසේ පවසයි.
‘ගෙදර ඉඳළම අපි දෙන්න එකට ආවේ සලාකා එක හරියෙදි අපට කඳුළු ගෑස් වැදුනා. ඒ වෙලාවෙ කොහේ ගියාද දැනගන්න බැරිවුණා.
ඒ නිසා මං නිමල් මහත්තයට කෝල් එකක් දුන්නා . එයා ඒ වෙලාවෙ හිටියේ එතන ඔසුසල ගාව අලුතින් හදන බිල්ඩිමේ මං විනාඩි 3 න් හම්බ වුණා. ඒත් එයාට අමාරුයි එයා ඒ වෙලාවෙ එක් සැරයක් වමනෙ කලා. වැටුණා. මං අසනීපෙ තත්වෙ හරිගස්සන්න බීම එකක් ගෙනත්දුන්නා. පස්සෙ අයිස්ක්‍රීම් එකකතු කෑවා. ඒත් එයාට දිගටම අමාරු ගතිය නිසා අපි ආපු බස් එකට යන්න තීරණය කළා. ඒක නවත්තල තිබුනෙ ග්‍රහලෝකාගාරය ගාව එතැනට අපි හිටපු තැන ඉඳල ටිකක් දුරයි. ඒත්ඒ වෙලාවෙ යන්න වාහන මුකුත් නෑ. අපි පයින්ම ඒ පැත්ත හොයාගෙන ගියා. පස්සෙ නිදහස් චත්‍රරශ්‍රය හරියෙදි ත්‍රීවිල් එකක් හම්බ වෙලා ඒකට නැග්ගා. ඒ වෙනකොට නිමල් මහත්තයට හොඳටම අසාධ්‍ය වෙලා හිටියේ එයා එක පාරටම වැටුණා. ඒ සැරේ ඉස් එකට නෙයා කෙලින්ම රෝහලට එක්කන් ගියා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු මියගියේය. ඔහු දැඩි සත්කාර ඒකකයේදී ඇසට ආසන්න තුවාලයකට ප්‍රතිකාර ලබාදුන් බව මුල් වාර්තාවලින් කියැවුණි. ඔහුට හෘද ස්ටෙන්ට් සැත්කමක් සිදු කර ඇති බවද පැවසිණි.
නිවසේ නිරෝගී ලක්ෂණ සහිතව පැමිණි ඔහු එක්වරම රෝගී වූයේ කඳුළු ගෑස් ප්‍රහාරය නිසා බවට චෝදනා සිදු කර තිබේ.
මියගිය නිමල් අමරසිරිගේ දේහය භූමදානය කිරිම සඳහා ඔහුගේ පුත්‍රයාට භාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(28) කොම්පඤ්ඤවීදිය පොලීසියට නියෝග කළේය.
61 හැවිරිදි නිමල් අමරසිරි මහතා රජයේ පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කොට විශ්‍රාම ලබා සිටි අයෙකි.දොඹගම්මන දෑල, රත්නපුර නිවිතිගල පදිංචිව සිටි ඔහු සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ඔහුගේ සිරුර භූමිදානය පිණිස පවුලේ අයට බාරදෙන ලදි.
0 Comments