nirmani-speaks

ගෝඨාගෝගම අරගල භූමියේ බුද්ධිමය සංවාද සිදු කෙරුණු 'පුරවැසි සභාව' වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ නිර්මාණී ලියනගේ පසුගිය නොවැම්බර් මාසයේදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබුණි.
 ලංකා හොස්පිටල්ස්හිදී හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතයෙන් නික්මයද්දී ඇතැම් පිරිසක් සැකකළේ කිසිදු රෝගයක්නොතිබුණ ඇයට හදිසියේ මෙවැනි මරණයක් අත්වූයේ කෙසේද යන්න ගැනයි.
ඇයට හදිසි සැත්කමක් කළ බවත් ඒ සඳහා සිහිය නැති කළ පසුව නැවත සිහිය නොපැමිණි බවත් ඒ දිනවල කියැවිණි.

 බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ  උපාධිධාරිනියකවූ නිර්මාණී කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.


පර්යේෂිකාවක, නාගරික සැලසුම් ශිල්පිණියක, අධ්‍යාපනඥයෙකු, ජනවාර්ගික අධ්‍යයන වේදියෙකු වූ ඇය කොළඹ City School of Architecture හි බාහිර කථිකාචාර්ය වරියක ලෙස කටයුතු කළාය.
   
වඩා යහපත් රටක් වෙනුවෙන් හීන දුටු නිර්මාණිගේ හදිසි වියෝව සමීපතමයින්ගේ කම්පනයට හේතුවූ අතරම එය කුමන්ත්‍රණකාරී ලෙස සිද්ධවූවක්ද යන්න ගැන ඇතැමුන් සැක මතු කර තිබුණි.

ඝාතනයට ලක් වුණු නිර්මාණිගේ තෙමස් සැමරුමේ දී ඇයගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

"ශල්‍යකර්ම වලදී සිහි නැති කරලා මිය ගිය පළමුවෙනි තැනැත්තියත්, අවසාන තැනැත්තියත් මගේ දුව නෙමෙයි. එය රජය විසින් සැළසුම් කරලා මරා දැම්මා යැයි ඇතැම් අය චෝදනා කළත් ඒ චෝදනාවට එහෙනම් වෛද්‍යවරුන් අළුගෝසුවන් වෙන්න ඕනේ. රජයෙ අළුගෝසු ක්‍රියාවක් වෙන්න ඕනේ. රජය නම් අළුගෝසු  ක්‍රියාවක් කරනවා.

සල්ලි කුට්ටි කෝටි ප්‍රකෝටි ගණං ප්‍රභාකරන්ට ගෙවලා.

උඹ ඔය පැත්තේ යුද්ධෙ පටන් ගනිං. ඡන්දෙ දාන්න දෙන්න එපා එක ද්‍රවිඩ ජනතාවකටවත් දෙන්න එපා කියලා ප්‍රභාකරන් ලව්වා ඡන්දෙ නවත්තලා රනිල් වික්‍රමසිංහ කියන දැන් ඉන්න හොර ගෙඩියට බලයට පැමිණීම නැවැත්තුවා.

නිර්මාණී මාස තුනක් මේ අරගල භූමියේ රැඳිලා පුරවැසි සභාව කියන සභාවක් හදලා ඒ සභාවට මාව ගෙනත් තියලා එක්තරා කර්තව්‍යක් කරගෙන ගියා. ඈ පැහැදිලිවම කියලා හිටියා මේ ආර්ථික අගාධයට ඇදගෙන වැටිලා තියෙන්නෙ අවුරුදු හැත්තෑවක් තිස්සේ සූප්පු කරපු ශ්‍රී ලාංකික දේශපලකයෝ නිසා බව.

ජනතාවට ඉගැන්වීමේ මහා පාපකර්මයක් වශයෙන් මගේ දුවගෙ ජීවිතය අහිමි වුණා කියලා මටත් හිතෙනවා. නමුත් මට කියන්න සාක්ෂී නෑ මේක දේශපාලන මිනීමැරුමක් කියලා. මේ මරණයෙන් අති විශාල ලාභයක් වුණානම් ඒ ලාභය සිද්ධ වෙලා තියෙන්නේ මේ නීන මේ රට විනාශ කරපු මේ දූෂිත මැර කල්ළියට. රාජපක්ෂලාගේ පරම්පරාවෙ පටන් මේ දැන් එකට එකතු වෙලා ඉන්න අලි බබා සහ හොරු හතළිහට අති විශාල බාධාවක් තර්ජනයක් පාඩුවක්. එහෙම වෙන්න පුළුවන් එහෙම නොවෙන්න පුළුවන්."