
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2022 විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම්පත් කැඳවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. එම අයැදුම්පත් මේ මස 28 වැනිදින දක්වා
බාරගන්නා බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිවරයා මගින්ද පෞද්ගලික අයැදුම්කරුවන් පෞද්ගලිකවද මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බවද ඔහු පැවසීය.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic/index.php/clogin/ යන වෙබ් අඩවිවලට පිවිස අයැදුම් කළ හැකි අතර අයැදුම්පතේ මුද්‍රිත පිටපතක් ළඟ තබාගැනීම අත්‍යවශ්‍ය බවද විභාග කොමසාරිස්වරයා කීය. වැඩිදුර තොරතුරු 0112785922 හෝ 0112784208 යන දුරකතන අංක ඔස්සේ ලබාගත හැකිය.
Comments
Post a Comment
Your comment will be visible after approval