onesh-house-cid

ඉන්දුනීසියාවේදී නිවාස සංකීර්ණයක කාමරයක් තුළ ඝාතනය කර සිටි කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිද සහ දරුවා පදිංචිව සිටි කොළඹ 7 වෝඩ් පෙදෙස නිවස ඊයේ (13) පරීක්ෂාවට ලක් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අමතරව අපරාධ ස්ථාන පරීක්ෂණාගාර   (සොකෝ) නිලධාරීන් මෙන්ම ඇඟිලි සලකුණු විශේෂඥයන්ද ඒ සඳහා සහභාගිවී සිට ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

ඔනෙෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේදී ඝාතනයට ලක්ව ඇත්තේ ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ මිතුරිය මෙරටදී කළ සැලසුමකට අනුව බවට සැකකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිවසින් සොයාගත් ඇඟිලි සලකුණුවලට අමතරව මෙම ඝාතනයට සම්බන්ධ බව පෙනී ගොස් ඇති ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිඳගේ බ්‍රසීල ජාතික මිතුරියගේ ජෛව සාම්පල් හඳුනාගෙන එය ඩී.එන්.ඒ විමර්ශනයක් සඳහා යොමු කිරීමටද පියවර ගන්නා බවද එම ආරංචි මාර්ග පවසයි.



ඔනේෂ් සුබසිංහ මහතාගේ බ්‍රසීල ජාතික බිරිඳ සම්බන්ධයෙන්ද විමර්ශනයක් පැවැත්වෙන බවද ඉදිරියේදී ජාත්‍යන්තර පොලිසිය මගින් මෙම විමර්ශන කටයුත්තට ඉන්දුනීසියා මෙන්ම බ්‍රසීල පොලිසියේද සහය ලබා ගෙන දත්ත රැස්කිරීමක් සිදු කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
ඉන්දිකා රාමනායක