පසුගියදා ඉන්දුනීසියාවේදී ඝාතනය වූ බවට වාර්තා පළවූ කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ මරණය සම්බන්ධයෙන් සැකකරන ඔහුගේ බ්‍රසීල ජාතික බිරිය ගැන මේ දක්වා තොරතුරු වාර්තාවී නැත.
මේ ඝාතනය සම්බන්ධ ශ්‍රී ලංකා පොලිසිය කිසියම් පරීක්ෂණයක් කරනවාදැයි ඊයේ (6) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කළේ මෙරට පොලිසියට ඒ ගැන පැමිණිලි කර නැති නිසා එවැන්නක් සිදු නොවන බවයි. කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යංශය ඉන්දුනීසියානු පොලිසිය හා සම්බන්ධීකරණය කරමින් මේ ගැන විස්තර සොයා බලන බව ඔහු පැවසීය.
මෙම ඝාතනය සිදුව ඇති බව සැලවීමෙන් පසු ඔනේෂ්ගේ සොයුරියක හා එම සැමියා ඉන්දුනීසියාවට ගොස් ඒ ගැන සොයා බලන්නට ගිය අතර ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණි.
ඔපෙක්ස් හෝල්ඩිංග්ස් අධිපති කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ව්‍යාපාර ජාලයක කොටස් කරුවෙකි.
බ්‍රසීල ජාතික ඔනේෂ්ගේ බිරිය රෝසා සිල්වා (සිල්වා බ්‍රසීලියානු වාසගමක්) නමැත්තියක වූ අතර 45 හැවිරිදි ඔනේෂ් ඇය හා විවාහ දිවියට ඇතුළත් වූයේ 2018 දී ඔහුට වයස 40 දීය. ඔවුන්ට එක් දියණියක සිටින අතර ඇයගේ වයස මේ වනවිට 04 ක් බව කියැවිණි.
දියණිය, බ්‍රසීල ජාතික ඔනේෂ්ගේ බිරිය හා බ්‍රසීල ජාතික මෙහෙකාර කාන්තාවකද ඔනේෂ් සමග ඉන්දුනීසියානු සංචාරය සඳහා එක්ව තිබුණි.
බොහෝ විට හෝටල් වෙනුවට අපාර්ට්මන්ට් වල නැවතී විවේකය ගතකිරීමට ඔහු පුරුදුව සිටි අතර ඒ නිසා ඉන්දුනීසියාවේ සුඛෝපභෝගී මහල් නිවාසයක ඔවුන් නවාතැන්ගෙන තිබුණි.
විදේශ ගතවන්නට පෙර පවුලේ අය සමග ඔහු 31 වනදා හමුවක් පවත්වා තිබී ඇති අතර අඟහරුවාදා (02) මහල් නිවාසයේ සිට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙමින් ව්‍යාපාර වැඩකටයුතුද සිදු කළ බවට සාක්ෂි තිබුණි.
නමුත් ඔහුගෙන් කිසිදු පණිවිඩයක් දින දෙක තුනකින් නොලැබීම නිසා ශ්‍රී ලංකාවේ ඔහු සමග වැඩකරන අය හා ඥාතීන් කලබලවී තිබුණි.
ඉන්දුනීසියාවේ ජකර්තා හිදී මහල් නිවාස කාමරය තුළදී ඔහු හදිසියේ මියගිය බව දැනගත්තේ ඔහුගේ ඥාතීන් මහල් නිවාස කළමනාකාරිත්වය අමතා ඒකකය පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටීමෙන් පසුවය.
දොර කඩා විවෘත කර බලද්දී මියගිය ඔනේෂ්ගේ සිරුර හමුවී තිබෙන අතර නවාතැන් ගන්නට පැමිණි බිරිය දියණිය හෝ අනෙක් කාන්තාව ඒ වනවිට එම ස්ථානයේ නොසිටිම නිසා සැකය මත සීසීටීවී දර්ශන පරීක්ෂා කරද්දී ‘ඩූ නොට් ඩිස්ටර්බ්‘ පුවරුව දොරේ සවිකර ඔවුන් පළායන ඇති අයුරු දැකගන්නට ලැබිණි.
සැමියාගේ සිරුර කාමරයේ තිබියදී නිවසින් පිටව යන බිරිය දැරිය හා කාන්තාව අඟහරුවාදා (2) ඉන්දුනීසියාවේ සිට දෝහා බලා පිටත්ව යන ගුවන් යානයකින් රටින් පිටව ගොස් ඇති බවද එතැන් සිට බ්‍රසීලයට ගොස් ඇතැයිද දැනට ජකාර්තා පොලිසිය මගින් කෙරෙන පරීක්ෂණ වලින් හෙළිව තිබේ. ව්‍යාපාරිකයා මරාදමා බිරිය පළාගොස් ඇති බවට ඔවුන් සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයද වැඩිදුර කරුණු සෙවීම සම්බන්ධීකරණය කරමින් සිටී.
මේ අතර ඔනේෂ්ගේ පවුලේ ඥාතීන් ඔහුගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පුවත්පත් මගින් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ දේහය පිළිබඳ අවසන් කටයුතු පුද්ගලික උත්සවයක් ලෙස සිදුකරන බවත් එහි පුද්ගලිකත්වය හා රහස්‍ය භාවය සුරකින ලෙසත්ය. මෙම නිවේදනයේ ශෝකයට පත්වූ අයගේ නම් අතර බිරිය රෝසාගේ ගේ නම් ඇතුළත් කර නැත.
0 Comments