onesh-subasinghe-murder

අභිරහසක් ඉතිරි කරමින් ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර මහල් නිවාස කාමරයක ඝාතනය කර තිබී හමුවූ කෝටිපති ව්‍යාපාරික ඔපෙක්ස් හෝල්ඩින්ග්ස් කළමණාකරණ අධ්‍යක්ෂ ඔනේෂ් සුබසිංහ එලෙස ඝාතනය කර තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ අංශ මේ වනවිට පරීක්ෂණ අරඹා ඇති අතර ඝාතන සැලසුම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් හෙළිදරව් කරගෙන තිබේ.

එම ඝාතනයට ඔහුගේ බ්‍රසිලියානු ජාතික බිරිය සහ ඇගේ බ්‍රසීලියානු සහායිකාව වගකිව යුතු බව ජකාර්තා පොලිසිය සැකකර තිබුනේ ඔවුන් මළ සිරුර සහිත නිවසින් පළායන ආකාරය සීසීටීවී ඔස්සේ හඳුනාගන්නට ලැබීමත් පසුව දෝහා හරහා බ්‍රසීලය හෝ වෙනත් රටක් වෙත පැනගිය බවට ගුවන් ගමන් විස්තරත් හෙළිවීම නිසාය.

ඔනේෂ් සුබසිංහගේ ඝාතනයෙන් පසු ඔහුගේ සොයුරියක හා සැමියා ඉන්දුනීසියාව වෙත ගොස් මළ සිරුර හඳුනාගෙන සිරුර මෙරටට ගෙන්වන්සට කටයුතු යොදා ඇති අතර අවසක් කටයුතු පුද්ගලික උත්සවයක් ලෙස පවත්වක බව දක්වා තිබේ.


මුලදී මේ සම්බන්ධයෙන් පරීක්ෂණ විදේශ අමාත්‍යංශය සම්බන්ධීකරණය කරමින් ජකාර්තා පොලිසිය සිදු කළ නමුත් මේ වනවිට මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි.
 මෙතෙක් ලැබී ඇති තොරතුරු අනුව මෙම ඝාතනය සිදුව ඇතැයි පෙනී යන්නේ පසුගිය 02 දා හෝ ඊට ආසන්න දිනකදී වන අතර ජකාර්තා පොලිසිය මළ සිරුර සොයා ගත්තේ 03 වෙනිදාය.

ඝාතනය කළ ඔනේෂ් විවාහ දෙකකින් ඉවත්වී සිටි අයෙකි. ඔහු 40 හැවිරිදි වියේදී 2018දී තෙවැනි බිරිය වූ බ්‍රසීල ජාතික කාන්තාව සමග විවාහවී තිබෙන අතර ඔනේෂ්ට ඇය හමුවී ඇතැයි පැවසෙන්නේ බ්‍රසීලයේ සංචාරයක නිරතව සිටියදී අවන්හලකදීය. ඇය නමින් රොසාලියා තස්කිමොන්ටෝ කාර්ඩෝසෝද සිල්වා හෙවත් රෝසා සිල්වාය.
මේ දෙදෙනා සමීප ඇසුරකින් පසු රොසා ගැබ් ගැනීමකට ලක්වූ බව ඔනේෂ් දැනගෙන ඇත්තේ ඇය බ්‍රසීලයේ සිට ලබාදෙන දුරකතන ඇමතුමකින් බවත් පෙර විවාහ දෙකකින්ම දරුවන් නොසිටි ඔහු සතුටට පත්වූ බවත් ඉක්මණින් ඇයව විවාහ කරගන්නට ඒ අනුව පියවර ගෙන 2018දී දෙන්නා විවාහ වූ බවත් පැවසේ.
ඔවුන්ට ඉපැදුනේ දියණියකි. ඇය මේ වනවිට වයස 4 කි.
කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ඇගේ උපන්දින සාදය මෙවරත් මහ ඉහළින් සැමරීමෙන් පසු
ඔනේෂ් ඉන්දුනීසියාවේ සංචාරයක් සඳහා මෙරටින් පිටත්ව ගොස් ඇත්තේ පසුගිය ජනවාරි 20 වෙනිදාය. මෙම සංචාරය සඳහා ඔනේෂ් දියණිය බිරිය හා බිරියගේ උදව්වට බ්‍රසීලයෙන් ගෙන්වාගත් කාන්තාව එක්විය.
වෘත්තියෙන් හෙදියක බව පැවසුණ මෙම කාන්තාව බ්‍රසීලයෙන් ලංකාවට පැමිණ ටික කලක් වන අතර ඇය ඔනේෂ්ගේ බ්‍රසීල බිරිය සමග නිතරම එකට සිටි බව පැවසිණි. දෙන්නා අතර බ්‍රසීල බසින් අදහස් හුවමාරුවූ බවත් ඔනේෂ්ගේ ඥාතීන්ට එම කාන්තාව ගැන කිසියම් සැකයක් මුල සිට පැවති බවත් පැවසිණි.

මාසිකව අමෙරිකානු ඩොලර් 3000ක වැටුපකට රෝසාගේ උදව්වට යැයි කියා ගෙන්වා ගත් නමුත් බොහෝවිට හැසිරී ඇත්තේ ඇගේ සමීප හිතවතියක ලෙසිනි.
 රෝසා යන හැම තැනකටම ඇය ගිය බවත් දෙදෙනා රාත්‍රියට නිදා ගත්තේ එකම කාමරයක බවත් පැවසිණි.දෙන්නා අතර සම්බන්ධය සැක සහිත විය.
පොලිසිය සැකකරන ආකාරයට මේ දෙන්නා ඉන්දුනීසියා සංචාරය සැලසුම් කර ඇත්තේ ඔනේෂ්ව එහි ගෙනගොස් මරා පළායන්නටය.
ඔනේෂ් මේ සංචාරය සඳහා සහභාගි වී ඇත්තේ බිරියගේ උවමනාවටය. මේ කාලය තුළදී ඔනේෂ්ගේ ලේකම්වරිය ලංකාවේ සිට ඔහු හා සම්බන්ධ වෙමින් වට්ස්ඇප් ඔස්සේ සිය ව්‍යාපාර කටයුතු ගැන දන්වා ඇත. ලංකාවේ රැඳී සිටිනවාටත් වඩා හොඳින් මේ කටයුතු කළ හැකිවූ බව ඔනේෂ් ලේකම්වරියට පවසා ඇති අතර දෛනිකව සම්බන්ධවූ ඔහු එක්වරම ලේකම්වරිය සමග සබඳතා නැතිව යාම නිසා ඥාතීන්ට ඔහුගේ අතුරුදන්වීම ගැන සැකය මතුවිය.
පසුගිය 02 වෙනිදා දිගටම ඔනේෂ්ගෙන් ප්‍රතිචාර නොලද නිසා  ඔනේෂ් නවාතැන් ගෙන සිටි තට්ටු නිවාස සංකීරණයේ පාලනාධිකාරියට ඥාතීන් දැනුම්දීමෙන් පසු මළ සිරුර කාමරයේ තිබී හමුවන අතර DO NOT DISTURB පුවරුව එල්ලා තට්ටු නිවාසයෙන් බිරිය දියණිය හා සහායිකාව සමග පළායන හැටි සීසීටීවී ඔස්සේ තහවුරු වේ.
ජකාර්තා පොලිසිය ඔවුන්ගේ නම් ගුවන් තොටුපළ ලේඛන හා පරීක්ෂා කරද්දී දෝහා වෙත ගොස් ඇතිබව තහවුරුවී ඇතිනමුත් ඉන් එහාට විස්තර තවම සොයාගෙන නැත.

ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ඔනේෂ් සුබසිංහ මහතා බිලියන පතියෙකි. ඔහු කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි සුපිරි නිවාසයක ජීවත්ව සිටියේය.
ඔහුගේ දේපළ හෝ මුදල් අතුරුදන් බිරිය පැහැරගත්තේද යන්න පරීක්ෂණ සිදුවේ. පොලිසිය සැකකරන්නේ ඝාතනය ලංකාවේදී සැලසුම්කර ඉන්දුනීසියාවේදී සිදුකර පළාගොස් ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මේ  ඝාතනය පිළිබඳව වැඩිදුර විස්තර සොයමින් සිටී.

 සුබසිංහ මහතාගේ අභිරහස් මරණ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාව බලා යාමට නියමිතව තිබෙයි.