
පන්නල ප්‍රදේශයේ පිහිටි නිවෙසක කසිප්පු පෙරා විකිණීමේ යෙදී සිටි බව කියන පුද්ගලයකු කසිප්පු බෝතල් 125ක් සහ කසිප්පු පෙරීමට පදම් කරන ලද ගෝඩා බැරල්හතක්සමග පෙරේදා(4)කුලියාපිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු පන්නල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකි.
මෙම සැකකරුට අයත් පන්නල පොලිස් වසමේ අක්කර හතරක පමණ විශාල පොල් වත්තේ පිහිටි නිවෙසේ මුළුතැන්ගෙය තුළ කසිප්පු පෙරීම කාලයක් තිස්සේ සිට සිදු කරගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.සැකකරු විද්‍යාවේදී (BSc) උපාධිධරයකු බව ද පොලීසිය කියයි. කුලියාපිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිත් ජයමහ මහතාට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval