2022 ජන අරගලයට දායකවූ ව්‍යවසායකයෙකු හා ප්‍රවීණ කලාකරුවකු වන පීටර් ඩි අල්මේදා සතිඅන්ත ප්රවත්පතකට අදහස් දක්වමින් මෙසේ පවසා තිබේ.
සමහරු කියනවා අරගලය ඉවරයි කියලා. එහෙනං ඇයි අපි තාම අරගලය ගැන කතා කරන්නේ. ඒක තමයි මුලින්ම අහන්න තියෙන ප්රශ්නය. අරගලය ගැන තාම රටේ විශාල උනන්දුවක් තියෙනවා. මේ අපි කතා කරන අරගලය වගේම රටේ ජනතාව අතර තවත් අරගල ගොඩක් තිබුණා. ඒවත් අනවරතව ගලායන යනවා. උදාහරණයකට ගත්තොත්
උතුරු නැගෙනහිර ජනතාව තමන්ගේ ඉඩම් අයිතිය පිළිබඳ අරගලය තාම කරගෙන යනවා. මේ විදියට විවිධ විදියේ අරගල රටේ පවතිනවා. අතුරුදන් වූවන් පිළිබඳ අරගලය ඒකට සම්බන්ධ අය දිගටම කරගෙන යනවා. ඒකත් අපි අමතක කරන්න හොඳ නෑ ඒකත් මතක තියාගත යුතුයි.
මේ අපි කතා කරන පසුගිය කාලේ කරපු අරගලය අතිශය විශේෂ සහ තීරණාත්මක එකක්.
ඒ නිසාම තමයි ඒකට ඒ තරම් අවධානයක් ලැබුණේ. අපි අමතක නොකළ යුතුම කාරණය තමයි මේ අරගලය ඇති වුණේ ඇයි කියන කාරණය. ජනතාවට ජීවත් වෙන්න බැරි තැනට ආවම තමයි මේ වගේ පියවරකට ජනතාව ගියේ.
ජනාධිපති විදියට රනිල් වික්‍රමසිංහ පත්වෙලා කිව්ව නේද මාස හයක් දෙන්න ඔක්කොම ප්‍රශ්න විසඳනවා කියලා. දැන් මොකද වෙලා
තියෙන්නේ. ප්‍රශ්න ටික එහෙමමයි. රට අගාධයට දාපු මිනිස්සු ටිකක් වටකරගෙන මේ කතා කවුද විශ්වාස කරන්නේ.
විදුලිය අර්බුදය එන්න එන්න උග්‍රයි. සෞඛ්‍යය අර්බුදය එන්න එන්න උග්‍රයි. රටේ අධ්‍යාපනය දවසින් දවස අවුලට යනවා. හැබැයි පාලකයො පාර්ලිමේන්තුව රැස්වෙලා සත පහකට වැඩක් නැති හෑලි කියව කියව ඉඳල කාලා බීලා යනවා. ජනතාව තවදුරටත් මේව ඉවසන්න ඕනෑද?
ජනතා විරෝධය නැවත වටයකින් එදාටත් වඩා සක්‍රියව මතුවෙමින් තියෙනවා. ඒක වළක්වන්න බෑ - ජන අරගලයේ කලාකරුවො විදියට අපි අදත් හමුවීම් තියනවා සාකච්ඡා කරනවා.
අපි මේකෙන් බැහැර වෙලා නෑ විවිධ වෘත්තීයවේදින් තැන තැන රැස්වෙමින් සාකච්ඡා කරමින් අරගලය මුවහත් කරමින් ඉන්න බව පේනවා. මේ කණ්ඩායම් සියල්ල එක මොහොතක එකට පාරෙදි හමුවෙයි. එදාට මේ වර්තමාන පාලකයින්ට සිද්ධ වෙන්නෙත් හිටපු නායකයා වගේම අයින් වෙන්න. වෙන විකල්පයක් නෑ-
වෙනදට වඩා අපි දන්න සාධනීයම දේ තමයි මේ අරගලය නිසා පොදු ජනතාව තුළ සමාජ විඥානයක් ඇති වෙලා තියෙනවා. ඔවුන් රටේ ප්‍රශ්න ගැන ඉතා සබුද්ධිකයි වෙනදට වඩා. ඒක ඉතා හොඳ තත්ත්වයක්. සමාජයේ විවිධ පංති වල අය මේ ප්‍රශ්න වලදි එකට එකතු වීම
හොඳ ප්‍රවණතාවක් මේ අරගලය තුළ නියෝජනය කරපු විවිධ සමාජ තීරු ඒකෙන් ඉවත්වෙලා කියලා හිතන්න එපා. අපි මේකෙන් බැහැර වුණොත් රට මීටත් වඩා අඳුරු තැනකට තල්ලු වෙලා යයි කියන එක තමයි අපේ අදහස. ඒක නිසා මේක අඛණ්ඩ අරගලයක් විදියට ඉදිරියට යනවා
0 Comments