pettah-protest

පස්වරු -2.30
කොළඹ කොටුව අවට ප්‍රදේශයට මේ වන විට යුද හමුදාව කැඳවා තිබේ.
ඒ වෘත්තිය සමිති කිහිපයක් එකමුතුවෙන් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරය උණුසුම් තත්ත්වයක් ගැනීමත් සමඟයි.


විරෝධතා හේතුවෙන් කොළඹ කොටුවේ මාර්ග කිහිපයක් ම වැසී ගොස් ඇති අතර මාර්ග තදබදයක් ඇති වී තිබේ.


ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහි අද (08) විරෝධතා හා සංකේත වැඩ වර්ජනවල නිරත වනවා.
වරාය , ඛනිජ තෙල්, විදුලිබල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් අද (08) පස්වරුවේ කොළඹ හයිඩ් පිටියේ රැළියක් ද සංවිධානය කරනු ලබනවා.
මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තිය සහ ඖෂධ ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් කොළඹ ජාතික රෝහලේ ඇතුළු දිවයින පුරා රජයේ රෝහල් රැසක අද (08) පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.
මේ අතර පොලීසිය විසින් කොළඹ කොටුව ලෝටස් මාර්ගය වසා දමා තිබෙනවා.


මේවන විට රජයේ විධායක නිලධාරීන් සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ කොටුව ආසන්නයේ විරෝධතාවයක් පවත්වන වනවා.
මේ අතර 13 වන සංශෝදනයට එරෙහිව අද උදෑසන විරෝධතාවල නියතුවු හිමි නමක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ සත්‍යග්‍රහයක් පැවැත්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු තවත් අයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව දන්වා තිබෙනවා.
 කස්සප හිමියන් සහ කමන්ත තුෂාර නමැති අය අත්අඩංගුවට ගත්තේ භික්ෂූන් වහන්සේ පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට වැඩම කිරීමට උත්සාහ කිරීම නිසා බව පවසා තිබෙනවා.භික්ෂු විරෝධතාවයේදී බලංගොඩ කස්සප හිමියන් පාර්ලිමේන්තු පාරේ බිම අසුන් ගෙන විරෝධය පළ කරද්දී පොලිසිය පැමිණ උන්වහන්සේ ඔසවාගෙන ගොස් පොලිස් ජිප්රථයට නංවා ඇත.