තියුණු ආයුධවලින් පහර දී මොරටුව අගුලාන ප්‍රදේශයේ දී තරුණයෙකු ඝාතනය කර ඇතැයි වාර්තාවේ.
මියගිය පුද්ගලයා තම මාමාගේ අඟුලානේ නිවසට ගොස් සිටියදී නිවස ඉදිරිපිට රැඳී සිටිය දී හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තියුණු ආයුධ රැගෙන පැමිණ ඔහු ඝාතනය කර තිබේ.
පැරණි අමනාපයක් මත ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් ඊයේ මෙම පහරදීම සිදුව ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සුදීර සම්පත් හෙවත් උක්කුන් නමැති 27 හැවිරිදි පුද්ගලයෙකි.
පහර කෑමෙන් ඔහුගේ මාමා ද තුවාල ලබා ලුනාව රෝහලට ඇතුළත් කර තිබෙයි.
ඝාතනය සිදු කළ අය ප්‍රෙද්ශයෙන් පලාගොස් ඇති බවත් ඔවුන් අල්ලාගැනීමට මෙහෙයුමක් දියත් කර ඇති බවත් අඟුාන පොලිසිය සඳහන් කර තිබේ.
0 Comments