postal-strike-from-today

ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් තැපැල් සේවකයන් අද (09දා) සිට දින තුනක් කළු විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සදහන් කරයි.

වෘත්තිකයන්ගෙන් අය කරන අසාධාරණ බදු ඉවත් කරන ලෙස ඉල්ලා හා රාජ්‍ය සේවකයන් විසින් බැංකුවලින් ලබාගෙන තිබෙන ණයවලට අදාළව ඉහළ දමා තිබෙන බැංකු පොලී ඉවත් කරන ලෙස ඉල්ලා මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වන බවද එම එකමුතුවේ සම කැඳවුම්කරු චින්තක ඛණ්ඩාර මහතා පැවසීය.


ඒ අනුව අද දිනයේදී තැපැල් සේවකයන් කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා  කර සෑම තැපැ කාර්යාලයක් ඉදිරිපිටදීම විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත්, මීට අමතරව අද සවස 12.00 සිට 11.00 වැනිදා දක්වා වැඩ කරන කාලය තුළදී සෑම තැපැල් කාර්යාලයක් මූලික කර ගනිමින් මහජන පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කරන බවත් ඒ මහතා පවසා සිටියේය.

තැපැල් සේවකයන් හා තැපැල් කාර්යාලවලට පැමිණෙන ජනතාව මෙම මහජන පෙත්සමට අත්සන් තබන බවත්, මේ ආකාරයට අත්සන් තබන පෙත්සම 14වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදෙන අතර, එදිනත් තැපැල් සේවකයන් කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කරන බවත් චින්තක බණ්ඩාර මහතා සදහන් කළේය.


ඉන්දික හේවාවිතාරණ