පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ලේකම් පුබුදු ජාගොඩ මෙසේ පැවසීය.
"මැතිවරණයක් නොපවත්වා සිටීමට ආණ්ඩුව කරන්න පුළුවන් හැමදේම කරනවා කියන එක අපි දැක්කා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සියළුම තේරීම් බාර නිලධාරීන්ට ලිපි යවලා තිබුණා, ඇප මුදල් භාර ගන්න එපා කියලා. අධිකරණය පාවිච්චි කරලා මොනා හරි කරන්න පුළුවන්ද කියලා බැලුවා.
කොමිසමේ එක සාමාජිකාවක් චාර්ල්ස් මහත්මිය ඉල්ලා අස් වුණා. තව සාමාජිකයෝ දෙන්නෙක් ඔවුන් ඉල්ලා අස් වුනේ නැත්තම් පවුල් වල අය මරණවා කියලා තර්ජන තියෙනවා කියල පොලීසියට පැමිණිලි කළා.
කිව්වා හිටපු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරු තුන්දෙනෙක් ගෙන් සමන්විත අලුත් කොමිසමක් පත් කරනවා කියලා. ඒ ගොල්ලෝ සල්ලී දෙන්නෑ කියලා නහයෙන් අඬපු කොමිසම බොහෝ දුරට ගැසට් නිවේදනයක් නිකුත් වීමත් එක්ක අද හෝ හෙට අවලංගු වෙන්න ඉඩ තියෙනවා. අවසානෙට ඔක්කොමලා සුදනො වෙලා.
පොදු ජන පෙරමුණෙයි ආණ්ඩුවෙ කට්ටියයි ඔක්කොමල්ල කියන්නේ, නෑ මැතිවරණෙ තියන්න ඕනෙ කියලා. අන්තිමට වැරැද්ද කාගෙද? රජයෙ මුද්‍රණාලාධිපතිනියට හරි පොදු ජනතාවට හරි වැරැද්ද දාලා තමයි මේක ඉවර වෙන්නෙ.
දැන් මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව විශාල පාරාජයකට ලක් වෙනවා. දැන් මේ රනිල් කරන්නෙ මැච් එක පරදින්න යද්දී බෝලෙ හංගනවා වගේ වැඩක්. ඔය වගේ වැඩ පොඩි ළමයි කරනවා කමතෙ ක්‍රිකට් ගහද්දී. ඉස්සර නඩු තීන්දුව දුන්නා වගේ වංගෙඩිය මිනී මැරුවා කියලා ඔප්පු වෙන විදිහට තමයි, කිසි කෙනෙක් වගකීම භාර ගන්නෙ නෑ, මැතිවරණෙ කල් දැම්මේ කවුද කියලා.
මැතිවරණ කොළයක්වත් මුද්‍රණය කර ගන්න බෑ මේ ආණ්ඩුවට. රජයෙ මුද්‍රණාලාධිපතිනිය කියනවා ණයට මොකුත් කරන්න බෑ සල්ලි දුන්නොත් කරන්නම් කියලා. පැහැදිලිවම මේ දේශපාලන බලපෑමකටනේ කියනවා ඇත්තේ. ජනතාවගේ අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් බලයේ රැඳී ඉන්න නම් උත්සහ කරන්නේ , මේ ආණ්ඩුව එළවලා දාන්න ඕන."
0 Comments