ප්‍රවීණ රංගන ශිල්පී මහින්ද පතිරගේ මහතා අනුර කුමාර දිසානයක මහතා විසින් පවත වන ලද සමුළුවකට සහභාගිවී මෙසේ අදහස් දැක්වීය.
"ඔයාලා කවුරුත් දන්නවා මම රාජ සභාවේ පුරෝහිත, බඩුම තමා.
අපිට අදහසක් එනවා අපි ජනතාව දේශපාලන වශයෙන් දැනුවත් කරන ප්‍රහසනයක් ඉදිරිපත් කරමු කියලා. එහෙම හිතලා තමා අපි රාජ සභාව පටන් ගත්තේ. දැන් අවුරුදු විස්සක් ගත වෙලා. අදටත් ඒ කතාව වලංගුයි.
එතෙක් මෙතෙක් 75ස් වසරක් පුරාවට අපිව පෙළපු පාලකයෝ ගැන කරපු කතන්දරේ තමා රාජ සභාව කියන්නෙ. මේ පාලකයෝ වටා ඉන්නවා චෞර වලල්ළක්.
මේකෙ හිටියා මල් අම්මා කියලා චරිතයක්. පුදුමයි කියන්න අවුරුදු විස්සකට උඩදී ඒ නාට්‍ය ඇතුළේ අපේ ඥාන අක්කා හිටියා අපේ මල් අම්මා හැටියට.
ඒකේ ඇතුළේ තියෙනවා ජනතාව රවට්ටන හැටි, ඡන්ද මංකොල්ළ කන හැටි. අපි රාජ සභාවෙන් නගන්න හදපු පණිවිඩය ගත්තාද කියන ප්‍රශ්ණය නගන්න සිද්ධ වෙනවා ඔයාලට. මේ වන විට ජනතා හිතවාදී පාලනයකට පාර කපලා අවසානයි. අපි ඒ නාට්‍යයෙන් කිව්වෙ මේ දුෂ්ඨ පාලකයෝ පන්නා දමමු කියලා."
0 Comments