ranil-speaks

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කර තිබේ.
එහිදී ඔහු පෙන්වා දුන්නේ, මැතිවරණ කොමිසම නීත්‍යානුකූල මැතිවරණයක් කැඳවා නොමැති බවයි.
එසේම මැතිවරණයක් පැවැත්වීම සඳහා මුදල් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේ ය.
මුජිබර් රහුමන් මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත්වීම ගැන කණගාටුවන බවද කීය.

පාර්ලිමේන්තුවේ 21 වන සංශෝධනය ප්‍රකාරව මැතිවරණ කොමිසම ඔක්තෝබර් මස අහෝසි වූ බවත් දැනට බලපවත්නේ තාවකාලික කොමිසමක් බවත් කියූ ජනපතිවරයා ජනවාරි මාසයේ සිට කොමිසමේ විවිධ බෙදීම් තිබුණ බවත් ඒ අනුව මැතිවරණයට නිසි දිනයක් නම් කරේ නැති බවත් ඔහු කීය. නීතිපතිවරයා මේ සම්බන්ධව ක්‍රියා කළ බව පෙන්වා දුන් ජනපති ජනවාරියෙන් පසු කිසිදු සාකච්ඡාවක් කොමිසම මැතිවරණය ගැන කථා නොකළ බව කීය.


බිලියන 10 ක් මැතිවරණයකට අවශ්‍ය බව සභාපතිවරයා වරක් කියා තිබූ නමුත් අයවැය ලේඛනය සකස් කරන විට බිලියන 6 ක් දක්වා අඩු කර එය වෙනස් කළ බවත් ඒ ආකාරයට වෙනස්කිරීම ගැටලුකාරී බවත් ඔහු කීය. පොලිසියෙන් ඒ අවස්ථාවේදී වැඩි ඇස්තමේන්තු එවා ඇති නමුත් එම ගණන සලකා බලද්දී කොමිසම විවිධ ගණං වලට මෙම මැතිවරණය පවත්වන ආකාරයව කියා කරුණු පැටලූ බවත් පැහැදිලි කලේය.
මැතිවරණ කොමසාරිස් වෙනුවට ගම්ලත් නමැත්තෙකු මුදල් ඇස්තමේන්තුවක් මුදල් අමාත්‍යංශයට එවා තිබූ බවත් එය නීතියට පටහැණි බවත් කීය.
මෙම වැරදි ලේඛන අනුව මුදල් අමාතයංශය මුදල් දෙන්නට ගියොත් නීතිවිරෝධී වැඩක කොටස් කරුවන් වී ඒ අයගේ රැකියා නැති විය හැකි බවත් පෙන්නුම් කර දුන්නේය.
මැතිවරණය පවත්වා යන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වූ නඩු වාර්තා සියල්ල බොරු බවත් එවැනි තීන්දු ලබාදුන්නේ නැති බවත් ජනපතිවරයා කීය. මේ ගැන සන්ඩේ ටයිම්ස් පුවත්පතට කොමිසමේ සභාපති ලබාදුන් පිළිතුරකින් ඒ රහස හෙළිවන බවත් කීය.
මාර්තු 9 ඡන්දයක් තියන බව කීම පවා නීත්‍යානුකූල නැති බවත් ඒසඳහා කොමිසමේ අය එකතුවී තීරණයක් ගෙන නැති බවත් කීය.
මේ ආකාරයට බලද්දී මැතිවරණ කොමිසම මැතිවරණයක් කිසිදු නීත්‍යානු කූල ආකාරයකට ඉල්ලා නැති බව පෙන්වා දුන් ජනපති ඡන්දයක් නැති නිසා නිසා කල්දැමීමක් සිද්ධ වන්නේ නැති බව කීය.
මැතිවරණය කොමිසම ඉල්ලා තිබුණත් මුදල් ලබාදෙන්නේ පාර්ලිමේන්තුව හරහා බැවින් ආණ්ඩුව මේ දුෂ්කර කාලයේ ඒ සඳහා වෙන්කිරීම් කරන්නට සූදානමක් නැති බවද කීය.


ජනපතිවරයා මේ ආකරයට කරුණු පැහැදිලිකරද්දී විපක්ෂය විරෝධතා දැක්වූ අතර එම අවස්ථාවේදී ජනපතිවරයා සිනාසෙමින් කියා සිටියේ විපක්ෂයේ සජබේ හා හෙලිකොප්ටරේ අය ඡන්දෙ කල්දාන්න පුද්ගලිකව ඉල්ලූ බවත් බොරුවට කෑගසා පසුව නිහඩවන බවට තමා ඇතුළු අයට කියා සිටි බවත්ය.
එම අවස්ථාවේ ජනපති සමග එක්වී දිනේෂ් අගමැතිවරයාද බඩ අල්ලා සිනාසුනේය.
එජාප නායක හැටියට රනිල් වික්‍රමසිංහ මේ කරුණු කියන්නේ සිය පක්ෂය මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර නාමයෝජනාද භාරදුන් පසුව වීම විශේෂිතය.
 

video below