ranjith-bandara-speaks

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසීය.

"ගම්මන්පිල ඇමතිතුමා ඔය කියන කතා හොඳයි බාලාංශෙට. එයා පිළිගන්නවනම් ඇමතිවරයෙක් විදිහට තමන්ගේ වගකිම ඉෂ්ඨ කරන්න බැරි වුණා කියලා, මං හිතනවා ඒක ඉතාම අර්ථාන්විතයි.

පළවෙනි දහ දෙනා ඡන්දෙ දාපුවම වෙඩි තියන අය,

දහස් ගණනක් ගේ මිනී කඳු මතින් බලයට ආපු අයගේ  දරුවෝ තමයි මේ වෙලාවේ මැතිවරණ වේදිකාවේ මොකවත් දන්නෑ වගේ කතා කරන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනයා හදපු දේශපාලන පක්ෂයක්.

ඔය කියන කිසි කෙනෙකුට විකල්පයක් නෑ. ඒ අය කරන්නෙ එදා වේල කන දේශපාලනයක්. අපි වැටුනට වඩා වේගයෙන් නැඟිටිනවා. අපි ජනාධිපතිතුමාව පත් කර ගත්තෙ රටේ වැඩක් කර ගන්න. එතුමා හිතුවටත් වඩා හොඳට කරගෙන යනවා.
සතුරට පහර දෙන්න ඕනෙ එකට එකතු වෙලා.

වර්තමාන ජනාධිපති අපි පත් කලේ. හොඳින් එයාගෙ වැඩේ කරනවා. රටේ දේශපාලන ස්ථාවරයක් හැදුවා.
කිසි දවසක අපි අලිය අතට පොහොට්ටුව දීල නැහැ. අපි අතර නිතරග ගිවිසුම් තියනවා.සතුරට පහරදෙන්නෙ එකට එකතුවෙලා. විසිරිලා පහරදෙන්න බැහැ. ඩලස්ලාට තනි තනි අරමුණු තුබනෙ ඒඅය කොහොමත් හිටියේ නැහැ එකට.