rathna-sri-speaks

ප්‍රවීණ කලාකරු රත්න ශ්‍රී විජේසිංහ මහතා ජනතා කලාකරුවන්ගේ එකමුතුව පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ අදහස් පළ කළේය.



"මුළු රටේම මේ වෙනකොට පැහැදිලිවම කඳවුරු දෙකකට ජනතාව බෙදිලා ඉන්නවා. කඳවුරු දෙකක් කිව්වට බහුතරය තියෙන්නේ ජනතාවට පක්ෂ කඳවුරේ. මේ රජය සහ චෞර පිරිස ඔවුනගේ ජයග්‍රහණය පෙනි පෙනී තිබෙන නිසා ඊට සියළුම බාධා මර්දන පමුණුවමින් ඉන්නවා. ඒ නිසා මැතිවරණය ජයග්‍රහණය කිරීමට වඩා ප්‍රමුඛ වෙලා තියෙනවා මැතිවරණයක් ජයග්‍රහණය කරන්න.

අපි කාටවත් පෞද්ගලික විසඳුම් හොයන්න පුළුවන් කාලයක් නෙමෙයි මේක. ජනතාව එක් රැස් වෙමින් ඉන්නේ ඔවුන්ට අහිමි කරපු ජීවිතය යළි දිනා ගන්න. ඒක දිනා දිය හැකි එකම පිරිස ජාතික ජන බල වේගය කියන එක නැවත නැවතත් සාක්ෂාත් වෙමින් තියෙන වෙලාවක් මේක."