ravindra-randeniya

දැනට 77 වන වියෙහි පසුවන ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙනිය සිය පවුලේ දරුවන් විදෙස් ගතවී ඇති බව හා දැනෙන පාළුව තනිකම ගැන පුවත්පතකට මෙසේ අදහස් දක්වා තිබේ.

“ලොකු පුතා එංගලන්තයට ගිහින් උසස් අධ්‍යාපනය ලැබුවා.සමීර පුතා ඕස්ට්‍රේලියාවට ගිහින් එයාගේ උසස් අධ්‍යාපනය කළා. දුවත් ඕස්ට්‍රේලියාවට ගිහින් එයාගේ වැඩිදුර අධ්‍යාපනය කලා.එයාලා එයාලගේ ජීවිතේ හොයාගෙන යනවා කොයිහැටි වේවා අපි පස්දෙනා ජීවිත හදාගෙන එක ලෝකේකට කූඩු උනහම මම හිතුවේ ඔන්න දැන් ජීවිතය සම්පූර්ණයි කියලා.

එය පටන් අරන් අවුරුදු දෙකක් යනකොට ලොකු පුතා රට ගියා ඊළඟට අනිත් දෙන්නත් තව වසර දෙක තුනක් ඇතුළත දී රට ගියා.ඉන්පස්සෙ අපි දෙන්නා විතරයි ගෙදර.දැන් පුතේ උඹලා ගිහාම අම්මයි තාත්තයි තනි වෙනවා කියලා කිව්වේ නෑ එයාලගේ ගමන යන්න අපි උදව් කළා. හැබැයි මට දුක එයාලගේ දරුවන් අපි ළඟම ඇති එකට”