sajith-speaks

සමඟි ජන බල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවැති දේශපාලන රැළියක් අමතා මෙසේ අදහස් දැක්වීය.



"වර්තමාන අණ්ඩුව රටේ ඡන්ද සිතියම හකුලන කුමන්ත්‍රණයක නියැලී සිටිනවා. ජනාධිපතිවරයා කියනවලු සල්ලි දෙන්නවත් ඡන්දයක් නැහැයිලු. මේ ඡන්දයේ වලංගු භාවයක් නැහැල්ලු. මැතිවරණ කොමිසම වෙනස් කරන්න ඕනෙලු.

මේ ජනාධිපති හදන්නේ මේ රටේ ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක කරන්න.

ජනාධිපතිවරයා හිතන් ඉන්නවා එයාට හිතෙන හිතෙන වෙලාවට ඡන්ද තියන්න. ජනාධිපතිවරයා පිස්සුවෙන් වගේ කතා කළේ. මං අහනවා මැතිවරණයක් නැත්තම් කොහොමද ඔබගේ පක්ෂයත් නාම යෝජනා ලබා දුන්නේ? අපි කියනවා ජනධිපතිවරයාට පිස්සු කතා කියන්නෙපා. මෝඩ කතා කියන්නෙපා. ජනතා අයිතියට ඉඩ තබන්නට ඕන. ජන වරමක් නැති ජනතා පිළිගැනීමක් නැති ජනාධිපතිවරයෙකුට මේ රටේ ලක්ෂ 220 ක් ජනතාව වහලුන් බවට පත් කරන්නට බැහැ.

මේ රටේ මැතිවරණ නතර කරන කුමන්ත්‍රණයේ මහමොළකාරයා වෙන කවුරුත් නෙමෙයි, ජනාධිපතිවරයා ප්‍රමුඛ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුව. ඔබ මේ සෙල්ලම් කරන්නනේ මේ රටේ උත්තරීතර නීතියත් එක්ක. ඔබ මේ උල්ලංඝණය කරන්නෙ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව."