sajith-speaks

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිඔය දී පැවැත් වූ ජන රැළියේ දී සිදු කළ කතාවේ කොටසක් මෙසේය.


දැන් සමහර පිරිසක් රට වටේ කිය කිය යනවා සජිත් ප්‍රේමදාස දන්නේ බෙදන්න විතරක් කියලා. ඔව් ඒක ඇත්ත. මම කැමතියි. මම බෙදන්නේ මේ රටේ ජනතාවට. මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට. මම බෙදාගන්නේ මගේ සාක්කුවට නෙවෙයි.

මගේ පවුලට නෙවෙයි. මගේ පවුලේ සාමාජිකයන්ට ඒ අයගේ සුබ සිද්ධිය උදෙසා නොවේ. බස් රථයක් දෙන්නේ මේ රටේ රජයෙ පාසල්වල. රොහල් කට්ටල දුන්නේ මේ රටේ රජයේ රෝහල්වලට.

වැඩ බැරි කුලකයේ වැඩ කරන්න බැරි හිතන්න බැරි කුහක පිරිස් බස්වලින් සෙනග ගෙනවිත් ලොකුවට කයිවාරු ගහලා ජනතාව නොමග යවලා මිනිසුන්ගේ හිත් විකෘති කරලා උනුත් එකයි මුනුත් එකයි අපි තමයි හොඳ කියලා ඡන්දේ බා ගන්න හදනවා. මම අහන්න කැමතියි. තමුන්නාන්සේලා ඔය ලොකු ලොකු දේශපාලනඥයෝ කීයක් දැක තිබෙනවාද? ඡන්දෙ කාලේ ඒ අයගේ බස්වල තමන්ගේ නමයි ලාංඡනයයි ස්ටිකර් කරපු අය. දේශපාලන ව්‍යාපාරයට බස් එක ස්ටිකර් කර ගන්න හොඳයි හැබැයි දූදරුවන්ගේ ප්‍රයෝජනයට බස් එකක් දෙනකොට මට බස් මෑන්ලු.

හොදට මතක තියා ගන්න මම බස් මෑන් විතරක් නෙවෙයි මම හොස්පිට්ල් මෑන්, කම්පියුටර් ප්‍රින්ටර් මෑන්, ස්මාර්ට් බෝඩ් මෑන්. ඒ නිසා මතක තියා ගන්න මේ දේවල් හැම දෙයක්ම දෙන්නේ ඥාති සංග්‍රහට නොවෙයි. මගේ ඥාතීන් තමයි මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාව. ඒ ඥාතීන් වෙනුවෙන් තමයි සජිත් ප්‍රේමදාස බෙදන්නේ කියලා ආඩම්බරයෙන් කියනවා.