sri-pada-mother-baby

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භවී ඇති බැවින් මේ වනවිට විශාල පිරිසක් ඒ වෙත පැමිණෙමින් සිටින අතරවාරයේ  වන්දනාවේ පැමිණි ගැබිණි කාන්තාවක් ඉදිකටුපාන ප්‍රදේශයේ දී බිළිඳියන ප්‍රසූත කළ පුවතක් වාර්තා වෙයි.
තවත් පිරිසක් සමග ඊයේ රාත්‍රීයේ ශ්‍රී පාද උඩමළුව දක්වා ගමන් කරමින් සිටින අතර වාරයේ ගැබිණි ශාරිරික සංකුලතා මතුව තිබෙන අතර ඇය සමග වන්දනා චාරිකාව පැමිණි පිරිස අතර සිටි කාන්තාවන් හා එම ස්ථානයේ රැදී සිටි කාන්තාවන් පිරිසක් ඇයට උදව්උපකාර ලබාදී එම ස්ථානයේදීම බිළිඳිය ප්‍රසූත කිරීම විශේෂිතය.


අනතුරුව  මවත්,  සිඟිත්තියත් ආධාරක ඇදන් මගින් ආරක්ෂිතව නල්ලතන්නිය දක්වා රැගෙන ඒම සඳහා පොලිසිය අවශ්‍ය විධිවිධාන සලසා තිබේ.
ඉදිකටුපාන පොලිස් මුර පොලේ නිලධාරීන් සහ උඩමළුව දක්වා භාණ්ඩ රැගෙන යන කම්කරු පිරිසකගේ සහාය මත ඇඳක රැගෙන ආ මව හා සිඟිත්තිය පහළ ස්ථානයට ගෙන්වූ සුවසැරිය ගිලන් රථයට නංවා දික්ඔය මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
උඩුවන ආරච්චිගේ නිරූෂා දිනුෂා අබේරත්න (31) නැමති  මව සහ සිගිති දියණිය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහලේ වෛද්‍යවරුන් පවසා තිබේ.
රත්නපුර – මාරපන ප්‍රදේශයේ සිට පැමිණි මෙම මවගේ දෙවැනි දරුවා මෙලෙස රාත්‍රී 7.30ට පමණ උපත ලබා තිබේ.