සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේ  48 වන ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ උත්සව මාලාවක් ඊයේ (24) උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ දී පැවැත්විණි.


මහින්ද රාජපක්ෂ හිටපු අගමැති තුමන්ද ඊට එක්වූ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය රොෂාන් රණසිංහ , තිස්ස අත්තනායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ කතරගම මහා දේවාලය නිළමේතුමා ඇතුළු පිරිසක් ද එකතු වූහ.
සංඝගත දක්ෂිණාව සඳහා උඩුවේ ධම්මාලෝක නාහිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා සහභාගී වූහ.
අභිනවයෙන් ඉදිකෙරෙන රන්වේලායුධ මණ්ඩපය (කතරගම දේවාලය) වෙනුවෙන් මුල් ගල තැබීම ද එහි දී සිදුවිය. ඊට සමගාමීව 500 දෙනෙකු සඳහා ඇස් කන්නාඩී බෙදාදීම, වකුගඩු රෝග සායනයක්, අක්ෂි සායනයක්, දන්ත සායනයක්, ආයුර්වේද සායනයක්, බාහිර රෝගී ප්‍රතිකාර සායනයක් සහ  පොල් පැල බෙදාදීමක් ද සංවිධානය කොට තිබිණි.
මෙම උත්සව අවස්ථාවට විදෙස් තානාපතිවරුන්ටද ඇරයුම් කර තිබුණි.
ඡායාරූප එකතුවක් පහතින්