sujeewa-senasinghe-speaks

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සජබ දේශපාලන රැලියක් අමතමින් මෙසේ පැවසීය.

"මෙතනින් එහාට මම දේශපාලනේ කරයිද දන්නෙ නෑ. මටත් ජීවත් වෙන්න බැරි ප්‍රශ්ණයක් මේ රටේ ඇතිවුණ හින්දා මං හිතුවා වචන කිහිපයක් ඔබතුමාලා හමුවේ තැබුවොත් හොඳයි කියලා.

ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කරන්නේ උනුත් එකයි මුනුත් එකයි කියලා. ජන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ මේ ඔක්කොම ජනාධිපතිවරු කරන්න අනුර කුමාර දිසානායක ඇතුළු ජේ.වී.පී කණ්ඩායම විශාල පරිශ්‍රමයක් යෙදුවා. 13 එපා කියලා ගිණි තියලා මිනීමරලා දැන් කියනවා ඒක හොඳයි කියලා.

අපේ කරුමෙට අර ප්‍රභාකරන් කියන කාළකන්ණියා ප්‍රේමදාස මහත්තයව ඝාතනය කරා. ප්‍රභාකරන් දැන ගත්තා යූ.එන්.පී ය මේ රට සංවර්ධනය කරනවා, සංවර්ධනය වුණොත් තමන්ගේ ව්‍යාපාරය බංකොලොත් වෙනවා. ප්‍රභාකරන් කාළකන්නියෙක් වුණාට තියුණු බුද්ධියක් තිබුණා. ප්‍රභාකරන් තීරණයක් ගත්තා ප්‍රේමදාස මහත්තයව ඝාතනය කරලා යූ.එන්.පී එක විනාශ කරන්න.


ශ්‍රී ලංකා එකෙක්ට අත තිබ්බේ නෑ. ජේ.වී.පී එකෙක්ට අත තිබ්බෙ නෑ. ඒ කරළා ඉතුරු කළා රනිල් වික්‍රමසිංහ මහත්තයව. නියම බඩුව ඉතුරු කළේ.

මේ පර හැත්ත. රාජපක්ෂලගේ පවුල, මේ ලොකේ බිහිවුණු කාළකන්ණිම පවුල, අද ලෝකයේ ඉන්න පෝසත්ම පවුල. තාමත් හම්බුකරනවා. රනිල් වික්‍රමසිංහට පිං සිද්ධ වෙන්න.

මට අනාගතේ පේනවා. එක මන්ත්‍රීවරයා එක මන්ත්‍රීවරයා එකතු කරළා, අපිට මේ පක්ෂය බේරගන්න නායකත්වය දුන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා.

පොඩි සුපර්මාකට් එකක් දෙන්නකො. කැෂියර් එකට දානවා හඳුන්නෙත්තිව. ආරක්ෂාව භාර දෙනවා ලාල් කාන්තට.  ෆාමසි එක භාර දෙනවා නලින්ද අපේ දොස්තර මහත්තයට. විජිත හේරත්ටත් දෙනවා අකවුන්ට් ටික තියාගන්න. සේල්ස් භාර දෙනවා වසන්තට.. මාස 6ක් දීලා කඩෙ දියුණු කරලා පෙන්නුවොත් මගේ ඡන්දෙත් මම ජේ.වී.පී එකට දෙනවා."