sun-part-drop

 ජේම්ස් වෙබ් නම් අභ්‍යවකාශ දුරේක්ෂය උපයෝගයෙන් සූර්යයාගේ විශාල ප්‍රමාණයක කොටසක් කැඩී ගොස් ඇති බවට විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා.
මෙය ලොව පුරා සිටින විද්‍යාඥයන් විමතියටත්, කනස්සල්ලටත් පත් කළ තොරතුරක් බවට පත් වී තිබෙනවා. කඩා වැටුනු කොටස මේ වන විට සුළි කුණාටුවක් ආකාරයෙන් සූර්යයාගේ උත්තර ධ්‍රැවය වටා ගමන් කරමින් ඇතැයි සොයාගෙන තිබේ.



නාසා හි ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මෙම සතිය මුලදී පෙර නොවූ විරූ සොයාගැනීමක් ලෙස සිදු කරන ලද මෙම සොයාගැනීම ගැන අභ්‍යවකාශ කාලගුණ පිළිඳව අනාවැකි පළ කරන තමිතා ෂෝව්  මෙසේ අදහස් පළ කර තිබෙනවා.
" කැඩී ගිය මෙම කොටස දැන් අපගේ තාරකාවේ උත්තර ධ්‍රැවය වටා දැවැන්ත ධ්‍රැවීය සුලියක සංසරණය වෙමින් පවතිනවා. "

ස්පේස් වෙදර් ඩොට් කොම් වෙබ් අඩවියට අනුව, මධ්‍යම ප්‍රමාණයේ, බලගතු සූර්ය ගිනි දැල්ලක් අඟහරුවාදා (පෙබරවාරි 7) දින පැසිෆික් සාගරය හරහා කෙටි රේඩියෝ තරංග අවහිරයක් ඇති කළ බව වාර්තා වනවා. කොලරාඩෝ හි බෝල්ඩර් හි වායුගෝලීය පර්යේෂණ සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ සූර්ය භෞතික විද්‍යාඥ ස්කොට් මැකින්ටොෂ් පැහැදිලි කළේ සෑම සූර්ය චක්‍රයකම වරක් සූර්යයාගේ අංශක 55 අක්ෂාංශ සමඟ සිදුවන මෙම සිදුවීම අසාමාන්‍ය දෙයක් නොවන බවයි.
එහෙත් දැනට පවතින මෙම සුලිය තමා කිසි දිනෙක දැක නොමැති බවද ඔහු පිළිගෙන තිබෙයි.


ඔහු මෙසේ පැවසීය: "සෑම සූර්ය චක්‍රයකම, අංශක 55 අක්ෂාංශයේ දී නිර්මාණය කරනු ලබනවා වගේම එය සූර්ය ධ්‍රැව දක්වා ගමන් කිරීමට පටන් ගන්නවා. එය ඉතා කුතුහලයට කාරණයක්."

"ඒ වටා 'ඇයිද'යන්න විශාල ප්‍රශ්නයක් ගැබ්ව තියෙනවා. එය මැජික් එකක් වගේ එක් වරක් පමණක් ධ්‍රැවය දෙසට ගමන් කර අතුරුදහන් වෙලා නැවතත් පැමිණෙන්නේ හරියටම එම කලාපයටම වසර තුනකට හෝ හතරකට පසුවද?"
මෙසේ සූර්යයාගේ ධ්‍රැවීය ප්‍රදේශ නිරීක්‍ෂණය කිරීමට වත්මන් ක්‍රමයක් නොමැති බැවින් එවැනි සංසිද්ධි පිළිබඳ පර්යේෂණ සීමිතව පවතිනවා.
"අපට සූර්යයා නිරීක්ෂණය කළ හැක්කේ සූර්යග්‍රහණ තලයෙන් [ග්‍රහලෝක කක්ෂගත වන තලයෙන්] පමණි" මැකින්ටොෂ් පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ 'සෝලා ඔර්බිටර්' මෙහෙයුම ක්‍රියාත්මක වීමත් සමඟ, සූර්ය චුම්භක චක්‍රය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ක්ෂිතිජයේ වැඩි ප්‍රවේශයක් ලබා ගැනීමට හැකි වන බව සඳහන් කර තිබේ.