sunil-speaks

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මාතරදී පැවැති විරෝධතාවයක් අතරතුර මෙසේ අදහස් දැක්වීය.



"රනිල් වික්‍රමසිංහ හිතන් ඉන්නවනම් මැතිවරණ නවත්වලා නැවත ඒ ගමන යන්න, අද එකතු වෙන මේ මහජන ගංඟාව කියනවා අපි ඒ ගමන යන්න දෙන්නේ නෑ.

එයා හිතන් ඉන්නවා එයාව ආරක්ෂා කරන්න සාගල රත්නායකයි අකිළ විරාජ් කාරියවසමුයි අමතරව, ආරක්ෂක හමුදාව පොලිසිය ඒ අය රනිල් ආරක්ෂා කරාවී එයා ජනාධිපති හින්දා කියලා.

රනිල් අපි ඔයාට කියනවා අඩු තරමේ ගෝඨාභය රාජපක්ෂට ට්‍රාන්ස්පෝට් එක දෙන්නවත් හිටපු මිනිස්සු, දාලා යනකොට, රනිල්ට ඉතුරු වෙන්නේ නෑ ඒක සහතිකයි.   ඔයාගෙ සුවච කීකරු ගෝලයෙක් ඉන්නවා නාවික හමුදාවේ මහේෂ් සිල්වා. දැනගනිං රනිල්  උඹලා ලෑස්ති කරලා තියෙන ප්ලැටුන් 39ය, ඕනම වෙලාවක සූදානම් කරාට වැඩක නෑ, ඒ ප්ලැටුන් 39යෙත් ඉන්නවා උඹලගේ ඒකාධිපතිකමට විරුද්ධව ඉන්න පිරිස.  
රනිල් ආරක්ෂා කරන්න රාජපක්ෂලා කවුරුත් එන්නෙ නෑ. රනිල් ආරක්ෂා කරන්න අඩු තරමේ රනිල් පත්කර ගත්ත කට්ටිය එන්නෙත් නෑ.

දේශපාලන පක්ෂවලට වඩා ඉස්සරහට ගිහිල්ලා මේ රටේ ජනතාව ලෑස්තිවෙලා ඉන්නේ ඒ සඳහා ජනතාවට ලැබෙන එක අවස්ථාව ඡන්දය නම් ආණ්ඩුවට තියෙන විරෝධය පෙන්නන්න.

රනිල් කියනවා මේ ජනතාවට 2048 වෙනකම් බලන් ඉන්නලු, එයා ආර්ථීකේ හදනකම්. රනිල් ආණ්ඩු පක්ෂේ හිටියත් විපක්ෂේ හිටියත් ඒ හැම ආණ්ඩුවකම ආරක්ෂකයා වුණා. මතක තියාගනිං රනිල් හෙට දවසේ මහ පාරට බහින්නේ මහජනතාව හැටියට අපි විතරක් නෙමෙයි ත්‍රිවිධ හමුදාවේ පොලිීයේ සිවිල් ආරක්ෂක අංශයේ සියළු දෙනාවත් එකතු කරගෙන අපි තොපිව පන්නන්න මහ පාරට බහිනවා. එක්සත් ජාතික පක්ෂේ පාක්ෂිකයෙකුටවත් විශ්වාසයක් රනිල් වික්‍රමසිංහට නෑ."