susanthika-speaks

ඔලිම්පික් පදක්කම් ලාභී කෙටි දුර ධාවන ශූරියක් වන සුසන්තිකා ජයසිංහ මහත්මිය උත්සව සභාවක් අමතා මෙසේ පැවසුවාය.

"මගේ ක්‍රීඩා දිවියේ මං දන්න සත්‍ය කතා ගොඩක් තියෙනවා. මගෙ වයස අවුරුදු 44යි. මගේ පළවෙනි ඔලිම්පික් එක ගියේ 1996, අන්තිම එක 2008. මම ඔලිම්පික් 4ක් ගියා. ඒ යනකනුත් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති අවුරුදු ගාණක් මං දැක්කේ ආව දවසෙ ඉදළා.

ගන්න තිබුණ සියළුම මම සුදුසුකම් ලැබුවත් ඒ ජාත්‍යනතරයෙන් ආපු ශිෂ්‍යත්වයක්වත් ගන්න තරම් අවස්ථාවක් ලැබුන් නෑ.

රට වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයින්ට අද අඩුම තරමේ දිස්ත්‍රික්කයක සභාපති තනතුරකටවත් එන්න බැහැ. මට තව අවස්ථාවක් හම්බ වුණා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න. මට තියෙන්නෙ මේ ක්‍රීඩකයින්ගේ ෆිට්නස්, ඒගොල්ලන්ගේ මානසිකත්වය කොයි විදියකටද කියලා, මොකද මං තරම් අභියෝගවලට මුහුණ දුන්න ඒ අභියෝග ජය ගත්ත ක්‍රීඩිකාවක් තවත් නැහැ.  මම ආවේ වරකාපොළ උඩුව, මගේ අම්මා කිරි කැපුවේ.  මගේ තාත්තා ගමේ සාමාන්‍ය රියැදුරෙක්. ඒ නිසා ක්‍රීඩා කරන්න එන උදවිය බොහොම හරි අමාරුවෙන් ක්‍රීඩා කරන්නෙ.



දැන් කෙටි ධාවන ශූරියක් වශයෙන් මම හිතනවා මම අවුරුදු උත්සවේ ඉඳළා ඔලිම්පික් දක්වා තියෙන අත්දැකීම, මං කරපු දේවල්, තරඟයකට පෙර සූදානම, ජයග්‍රහණයෙන් පසු කොයි විදිහටද ක්‍රීඩා කරන්න ඕනේ, මානසිකත්වය, කන්නේ බොන්නේ කොහොමද,අපි ජාතික ශූරයෙක් වෙන්න ඕනෙ නේද?මේ සියල්ලම අවබෝධය තියෙද්දී ම ඒකට ඇඟිලි ගහන්න ගියේ නෑ ඇයට වෙනම පාසල් මට්ටමෙන් මං පාරක් පෙන්නුවා. එත් ඇත්තටම බලනකොට මගෙ දරුව ඉන්නෙ අධි මානසිකත්වයකින්. "