tax-change

බදු සම්බන්ධයෙන් කොළඹ උද්ඝෝෂණ යන අතරේ මූල්‍ය නොවන වරප්‍රසාද උපයන විට බදු ගණනයෙන් ඉවත් කරන්නට ජනාධිපති තීරණය කර තිබේ.ඒ බව ජනපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතාද තහවුරු කර තිබේ.

සේවා නියුක්ති ආදායම ගණනය කිරීමේ දී මූල්‍ය නොවන ප්‍රතිලාභ අගයයන් ප්‍රමාණනය කිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දොපර්තමේන්තුව නිකුත් කළ නව චක්‍රලේඛය අනුව
උපයන විට බදු අය කිරීමේ දී මෙම මූල්‍ය නොවන ප්‍රතිලාභ අගයයන් ද සලකා බැලෙනු ඇත.



ඊට අනුව මූල්‍යමය නොවන ප්‍රතිලාභ සඳහා වටිනාකම ගණනය කිරීමේ දී කාණඩ 5ක් යටතේ ගණනය කිරීම් සිදුකෙරෙන අතර එම කාණ්ඩයන් පහත පරිදි වේ.

1. සේවායෝජකයා විසින් ප්‍රදානය කළ සමාගම් කොටස්වල වටිනාකම

2. සේවායෝජකයෙකු විසින් සපයන ලද ඕනෑම වාසස්ථානයකින් වන ප්‍රතිලාභවල වටිනාකම

3. සේවායෝජකයා විසින් සපයන ලබන ප්‍රවාහන පහසුකම්වල වටිනාකම

4. සේවායෝජකයා විසින් සපයන ලබන සන්නිවේදන පහසුකම්වල වටිනාකම

5. සේවායෝජකයා විසින් සපයා ඇති අනෙකුත් මූල්‍ය-නොවන ප්‍රතිලාභ

 
මෙම සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.