toyota-vehicle-president-sec

ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා ආනයනය කළ බව කියන “භූත වාහනයක්” නිසා ඔවුන් අතරමං වී ඇතැයි ඉරිදා සන්ඩේ ටයිම්ස් වාර්තාවක දැක්වේ.



Toyota Prius හයිබ්‍රිඩ් වර්ගයේ මෙම වාහනය 2013 වසරේ ආනයනය කර ඇත. රේගු වාර්තා පෙන්වා දෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය වාහනයේ තොගකරු ලෙස ලැයිස්තුගත කර ඇති බවත් වාහනය නිදහස් කර ගැනීම සඳහා තීරුබදු ලෙස රුපියල් මිලියන 1.8 ක් ගෙවා ඇති බවත්ය.

කෙසේ වෙතත්, එවැනි වාහනයක් කිසි දිනක එහි භාවිතය සඳහා ආනයනය කළ බවට පෙන්වීමට ලිපිගොනු හෝ ලේඛන ජනාධිපති කාර්යාලය සතුව නොමැත. ඒ පිළිබඳ කිසිදු නිල ලේඛනයක සඳහනක් නොමැති අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ මෝටර් රථ සංචිතයේ වාහනය කිසිදා තිබූ බවට වාර්තාද නොමැත. එය හුදෙක් “භූත භාණ්ඩයක්” බව නිලධාරීහු පවසති.


එවැනි වාහනයක් ඇත්ත වශයෙන්ම ගෙන්වා ඇත්තේ කාර්යාල භාවිතය සඳහාද, නැතහොත් ආනයනය කිරීමෙන් පසු එය තුන්වන පාර්ශවයකට භාර දුන්නේද යන්න සෙවීමට මහලේකම් කාර්යාලය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර හෛා් නැත.

මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය දැන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.