
නෙදර්ලන්ත ජාතික ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් පසුගිය සතියේ දකුණු දිග තුර්කිය සහ උතුරු දිග සිරියාව මුළුමනින්ම උඩුයටිකුරු කළ භූ කම්පනය කල් ඇතිව කීම නිසා බොහෝ අයගේ අවධානයට ලක් විය.
අනාවැකි ගැන, පුරෝකථන ගැන සත පහකවත් විශ්වාසයක් නැති අයට පවා දැන් ෆ්‍රෑන්ක් හූගර්බීට්ස් දිවැසිවරයකු ලෙස පෙනෙන බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.
54 හැවිරිදි ෆ්‍රෑන්ක් දෛනිකව සමාජ මාධ්‍යජාලා අතරට භු කම්පන පුරෝකථන සිදු කරන අතර ඒවා කියවීම සඳහා දැන් අධික ඉල්ලුමක් ඇතිව තිබේ.
මෘදුකාංග සම්පාදක, පර්යේෂක ලෙස අන්තර්ජාලය ඔස්සේ තමාව හඳුන්වා දෙන මේ පුද්ගලයා පසුගිය 6 වැනිදා අලුයම 4.00ට තුර්කි භූ කම්පනය ඇතිවන්නට පෙර සිය ‘ට්විටර්‘ පිටුවේ ඒ ගැන පුරෝකථනය කර තිබුණේ 3 වැනිදාය.
එමෙන්ම ඔහුගේ යූ ටියුබ් චැනලය ඔස්සේ ‘ඉක්මනින් හෝ පසුව මේ කලාපයේ රිච්ටර් මාපකයේ 7.5ක අගයක් පෙන්නුම් කරන භූ කම්පනයක් සිදු වේවි.‘ යනුවෙන්ද පවසා තිබුණි.
ඔහුගේ පුරෝකථන විස්මය ගැන වැඩි විස්තර පහත වීඩියෝවේ දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval