
ඊයේ (14) වැලන්ටයින් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ තොරණක් එම ස්ථානයෙන් ඉවත්කිරීමට යාම හා සම්බන්ධ ගැටලුවක් මුල් කරගෙන සිසුගැටුමක් ඇතිව තිබේ.
සිසුන් දෙපිරිසක් අතර අද (15) අලුයම ගැටුම හටගත් බවත් මුලදී ඇතිවූ බහින් බස්වීම පසුව ගුටි බැට හා ගල් ප්‍රහාර දක්වා දුරදිග ගිය බවත් පැවසේ.මේ හේතුවෙන් ගල් වැදී ගොඩනැගිලි දේපළ අලාභහානි පවා සිදුව ඇත.
කළමනාකරණ සහ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර සිසුන් පාලනය කිරීමට අපහමසු නිසා මැදිහත්වන ලෙස පාලනාධිකාරිය පොලිසිය අමතා තිබෙන බවද වාර්තාවේ.
මේ අනුව පොලිස් නිලධාරීන් ගොස් ගැටුම පාලනය කිරීමට පියවරගෙන තිබුණි.
ගැටුමකට හේතු වී ඇත්තේ, වැලන්ටයින් දිනයේදී ඉදි කළ තොරණක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් බව පොලිසිය කරුනු විමසා දැනගෙන තිබේ. පොලීසිය මැදිහත්ව සිසුන් පිරිස විසුරුවා හැර ඇත.
ගැටුම හේතුවෙන් තුවාල ලැබූ සිසුන් කිහිපදෙනෙකු රෝහල් ගත කර ඇතැයිද වාර්තා විය.

Comments
Post a Comment
Your comment will be visible after approval