viral-video-of-couple-dancing-to-maan-meri-jaan

ඉන්දියාවේ මුම්බායිහි එකතරා යුවළක් ඔවුන්ගේ දරුවකු ඉපදෙන්නට සිටීම සැමරීම සඳහා පවත්වනු ලැබූ (බේබි-ෂවර්)උත්සව අවස්ථාවේදී  'මන් මේරි ජාන්' නමැති ප්‍රකට ගීතයට නර්තනයේ යෙදුනු අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ඉහළ ප්‍රතිචාර ලබා තිබේ.

ඉන්දියාවේ ඕනෑම ආකාරයක සැමරුමක් හෝ ප්‍රීතිමත් අවස්ථාවක් නැටුම් සහ ආහාර සමඟින් වර්ණවත් කර ගැනීම සාමාන්‍ය දෙයක් වනවා.

මෙම අංග නොමැතිව, උත්සවයක් අසම්පූර්ණ ලෙස සලකනු ලැබනවා. දෙමාපියන් වන්නට යන යුවළ ඔවුන්ගේ සැමරුම් උත්සවයේදී නර්තනයේ යෙදෙන වීඩියෝව ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයෙහි සංසරණය වෙන්නේ
සාරියකින් සැරසී සිටින මව සහ ඇගේ කුර්තා හැඳගත් සැමියා නටමින් සිටීම නිරූපණය කරමිනුයි.
ඉන්ස්ටග්‍රෑම් හි පළ කරන ලද මෙම වීඩියෝවට නැරඹුම් වාර ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් සහ ලයික් 49,000 ක් පමණ ප්‍රමාණයක් මේ වන විට එකතු වී තිබෙනවා.
"මාන් මේරි ජාන්" ගීතයට මනරම් ලෙස නර්තනයේ ‍යෙදී සිටින වීඩියෝ පටයේ අවසානයේදී, කාන්තාවක් ඉදිරියට පැමිණ මෙම යුවළ වැළඳ ගන්නා අයුරක්ද දක්නට ලැබෙනවා.