wannila-eththo-speaks

ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තන් මාධ්‍ය හමුවක් පවත්වා මෙසේ පැවසීය.

"මේ ඇත්තෝ මහ ජාතිය ගැන කතා දමනවා ලෝකයන්ට. මේ ඇත්තෝ එකක කෑලි කෑලි වලට බෙදුම් පොජ්ජ මන්දෝ වෙනවා. මේ ඇත්තෝ ජීවත් වෙන මන්දෝ වෙන්නේ එකම රටක. දේශපාලකයෝ මේ රට හැදුම් පොජ්ජ මන්දෝ කරන්න.

මේ ඇත්තො බලයට මං ගැච්චුවොත් මේ හැටිමට මේ රට ඉදිරි තැනට ඇන්න මං ගච්චනවා කියලා. අනෙත් කණ්ඩායම කතා දමන්නෙත් ඒ තැනමම. හැමටම තිබෙන්නේ එකම අදහසක්නේ. ඉතින් එහෙමනම් ඇයි මේ කණ්ඩායමටම එකට එකතු තැන මන්දෝ වුණොත් කොච්චර ශක්තියක් තිබෙනවද?  

හුඹහක වේයෝ ඉඳිනවා කෝටි ප්‍රකෝටි ගාණක්. සමගියෙන් එකමුතු කමින් ඒ ඇත්තෝ අද දවස් පොජ්ජේ හුඹස් දල්ලක් පට හැරියම, හෙට උදේ මැච්ච මංගච්චනකොට ඒ තැන ආයෙත් තිබ්ව්වා වාගෙම ඒ ඇත්තෝ හැදුම් පොච්ච මංදො කරනවා. ඒ හැදුම් පොජ්ජ මංන්දො කරන්නෙ ඒ ඇත්තන්ගේ සමඟිය සමාදානය කියන එක හින්දා.

ඒ වගේ හැම දේශපාලකයෙක්ම කතා දමනව නම් රට හැදුම් පොජ්ජ මංදො කරනවා කියලා එහෙමනම් ඇයි මේ ඇත්තො එකට එක බෙලි පොජ්ජ කැවිල්ලාගෙන මෙහෙම දැඟලුම් පොජ්ජ මංදො කරන්නේ?"