wellawaya-earth-quake

ඊයේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් මාපකයේ 3.0ක අගයක සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබූ අතර
අද (11) තවත් සුළු භූ කම්පනයක් වැල්ලවාය ප්‍රදේශයේ  සිදු වී තිබේ. අද අලුයම 3:48 පමණ එම කම්පනය සිදු වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරයි .
එහි විශාලත්වය රික්ටර් මාපක 2.3ක් ලෙස සටහන් වී ඇති බවත් වැල්ලවාය නගරයේ නැගෙනහිර ප්‍රදේශය එහි කේන්ද්‍රය ලෙස සටහන් වී තිබේ.
 මොනරාගල, බුත්තල, වැල්ලවාය, කුඹුක්කන සහ ඔක්කම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ දහවල්
12.11ට පමණ එලෙස භූ චලනයක් ඇතිවූ අතර  ඉන් විනාඩි තුනකට පසුව එනම් දහවල් 12.14ට ද තවත් භූ චලනයක් සිදුවූ බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවේය.


කම්පනය හේතුවෙන් ජීවිත අවදානමක් නොමැති බව පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
දන්වා තිබුණි.

ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තැටි චලනය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ භූ කම්පන අපේක්ෂා කළ යුතු
බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා මහාචාර්ය අතුල
සේනාරත්න මහතා පවසා තිබේ.