wimal-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සභාවක් අමතා මෙසේ පැවසීය.

"තවත් පෙත්සමක් විභාගයට ගැනුනා. ඒ පෙත්සමේ විභාගය තව දුරටත් කල්ගියා. තැපැල් ඡන්ද ඉවරවෙන දිනයකට මේ ඡන්ද කළ් දාන්නේ නෑ මැතිවරණය කළ් දැමීම සඳහා යම් කිසි ඕනෑකමකින් විනිශ්චය කාරවරු පෙළෙනවානම්. තැපැල් ඡන්දයට පසු දිනයක්ම මේ නඩුව විභාග කරන්න දැමීමෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ නඩු තීරණයෙනුත් මැතිවරණය කල් යාමක් සිදු වන්නෙ නෑ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ කරන්නෙ පොහොට්ටුවේ කට්ටිය අන්ඳන එක. ඔහු පෙන්නනවා ඔහු ඡන්දෙ කල් දාන්න සූදානම් කියලා. එහෙම පෙන්නවා විතරයි. එතකොට මොකද වෙන්නේ. මේ මැතිවරණයෙන් විශාලම අර්බුදයකට මුහුණ දෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, බැසිල් රාජපක්ෂගේ දේශපාලන පක්ෂය. ඒක බිංදුවට වැටුනට පස්සේ රනිල් වික්‍රමසිංහට පුදුමාකාර සැනසිල්ලක් එනවා පාර්ලිමේන්තුව ඇතුළේ.

ඇයි? ඊට පස්සෙ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුව ඇතුළේ තියෙන බලය හීන වෙනවා.  එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න පොහොට්ටුවේ අවතැන් වෙච්ච මන්ත්‍රීවරු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වික්‍රමසිංහ මහත්තයාගේ කුකුල් කොටුවේ ඉන්න කුකුල්ලු ටිකක් බවට පත් වෙනවා. එතකොට වික්‍රමසිංහ මහත්තයාට පුළුවන් ඕන කුකුලෙක් බා බා ගාලා ගෙන්න ගන්න. එහෙම නැත්නං එළවලා දාන්න. 130 ගාණක ඡන්දවල පරම භුක්තිය ඉදිරි කාලය ගෙවා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පූර්ණ පාලනයට නතු වෙනවා. බැසිල් රාජපක්ෂගෙ පාලනයෙන් ගිලිහෙනවා. එතකොට ඒ අයවත් අරගෙන ඊළඟ ජනාධිපතිවරණයට තරඟ වැදීම තමයි වික්‍රමසිංහ මහත්තයාගේ උපක්‍රමික සැළැස්ම.

සමහරු කියනවා අපි ආවම බඳු කපනවා. වක්‍ර බඳු. ලොකේ කොහෙවත් රටක් නෑ ඍජු බදු විතරක් මතින් යැපෙන. මේ විදියේ ලාභ සුලභ වචනවලට යම් කිසි බලාපොරොත්තුවක් ජනිත කරන්න පුළුවන්කම ලැබෙනවා. සමහරු හිතනවා ඇත්තටම වෙයි කියලා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජාසන කතා පවත්වමින් සුරංගනා කතා කියනවා.

IMF ප්‍රෝග්‍රෑම් එකට අවනත වුණයි කියන්නේ ඒ ගොල්ලෝ කියන විදිහට අපි කරන්න ඕන. දැන් සජිත් කියන්නෙත් එයා යන්නෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදළේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක කියලා. අනුර කියන්නෙත් එයාලා යන්නෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදළේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක තමයි කියලා. ඒ උපාය මාර්ගවලින් ලෝකේ බොහෝ රටවල් ගොඩ ඇවිල්ලා නෑ. හොඳට හොයලා බලන්න ග්‍රීසියේ වෙලා තියෙන දේවල්."