wrong-ac-exchange

වැරදි ගිණුම් අංක ලබාදීම හේතුවෙන් ගොවි ගිණුම්වලට බැර කරන ලද රුපියල් මිලියන 1,300ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ආපසු ලැබී තිබේ. මේ පිළිබඳ අදහස් දක්වමින් එම

ෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ, අදාළ මුදල් ගොවි ගිණුම් වෙත බැර කිරීමට පෙර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවලට ලබාදී ඇති තම ගිණුම් අංක නිවැරදිද යන්න ගොවිප්ත සේවා මධ්‍යස්ථාන වෙත ගොස් පරීක්‍ෂා කරන ලෙස දැනුම්දී තිබුණාද, ඇතැම් ගොවීන් එම කටයුතු සිදුකර නොමැති වීම මීට හේතු වී ඇති බවයි.

මෙවර මහ කන්නයේදී ආසියානු සංවර්ධන බැංකුවෙහි අරමුදල් යටතේ නැවත අය නොකරන මුදලක් වශයෙන් හෙක්ටයාර් 01කට රුපියල් 10,000ක් හා හෙක්ටයාර් 02කට රුපියල් 20,000ක් වශයෙන් රුපියල් බිලියන 08ක් ගොවි පවුල් ලක්‍ෂ 12ක් අතර බෙදාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු  යොදා ඇත. එසේම අදාළ රුපියල් බිලියන 08න් රුපියල් බිලියන 6.5ක් මේ වනවිට ගොවි ගිණුම්වලට බැර කර ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව තවත් රුපියල් බිලියන 1.5ක් ගොවි ගිණුම්ගත කිරීමේ කටයුතු මේ වනවිට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අතර, එළඹෙන සතිය අවසන් වනවිට සියලු මුදල් ගොවි ගිණුම්වලට බැර කර අවසන් කිරීමට නියමිතය.

නිදර්ශනි වික්‍රමසිංහ