A-severe-tornado-killed-26-people-in-America

සිකුරාදා රාත්‍රියේ ඇමරිකාවේ මිසිසිපි ප්‍රදේශයට බලපෑ සුළි කුණාටුවකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව මධ්‍යයේ ගොල්ෆ් බෝල තරම් විශාල හිම කැට වර්ෂාවක් පතිත වී තිබේ. සුළි කුණාටුවෙන් විනාශ වූ ගොඩනැගිලි තුළ බොහෝ පිරිසක් මිහිදන් වෙතැයි බියක් ඇතිව තිබේ. දහස් ගණනකගේ නිවෙස්වලට විදුලිය නැත.



අනතුරුදායක කුණාටුව හේතුවෙන් සිය ගනනක් තුවාල ලබා ඇති අතර පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදහන් වී ඇති බවද හදිසි සේවා දන්වා ඇත. මරණ සංඛ්‍යාව තවත් වැඩි විය හැකිබවද කියා තිබේ.

බීබීසී වාර්තාවට අනුව, ටොනේඩෝවේ වේගය කෙතරම් වේගවත්ද යත්, මේ හේතුවෙන් විනාශයට පත් ප්‍රදේශයේ පැතිරී ඇති සුන්බුන් අඩි 30,000 ක් දක්වා පියාසර කර නැවතී තිබේ. මිසිසිපි නගරාධිපති ටේට් රීව්ස් පැවසුවේ විපතට පත් ප්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

වඩාත්ම විනාශය සිදුව ඇත්තේ මිසිසිපි හි රෝලිං ෆෝක් නගරයේ ය. මෙහි වෙසෙන අයෙක් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට පැවසුවේ ටොනේඩෝවේ වේගය කෙතරම් වේගවත්ද යත් එයින් සිය නිවසේ ජනෙල් සියල්ල කැඩී ගිය බවයි. නගරයෙන් අඩකට වඩා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.



ඇමරිකාවේ හදිසි කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කළේ කුණාටුව කිලෝමීටර් 160 ක ප්‍රදේශයකට වැඩි විනාශයක් ඇති කර ඇති බවයි. සුළි කුණාටුව පැමිණීමට පෙර සිටම බොහෝ අය තම පවුලේ අය සමග ඇමරිකාවේ වෙනත් ප්‍රාන්තවල ඥාතීන්ගේ නිවෙස්වලට ගොස් ඇත. හදිසි සේවා ද ප්‍රදේශයෙන් විශාල පිරිසක් ඉවත් කර ඇත.
2011 මේ ආකාර කුණාටුවකින් මිනිසුන් 161 දෙනෙකු මිය ගොස් තිබුණි.